සියලුම වී මෝල් අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කරයි
- 2020-04-10 14:57:09
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අත්‍යාවශ්‍ය ආහාර සැපයීම, සහල් නිෂ්පාදනය, ගබඩා කිරීම හා බෙදාහැරීම, ආහාර සුරක්ෂිතතාව තහවුරු කර ගැනීමට අත්‍යාවශ්‍ය බැවින් සියලුම වී මෝල් හිමියන්ගේ සේවාවන් COVID 19 නිරෝධායන අත්‍යාවශ්‍ය සේවාවන් ලෙස නැවත දැනුම්දෙන තුරු ප්‍රකාශයට පත් කෙරේ.
දිවයිනේ සියලුම සහල් මෝල් හිමියන් තම ප්‍රදේශය තුළ සහල් නිෂ්පාදනය, තමන් සතු වී තොග සහල් බවට පත් කිරීම කළයුතුය. සුළු සහල් මෝල් හිමියන් තම ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශය තුළත්, මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් දිස්ත්‍රික්ක බල ප්‍රදේශය තුළත් සහ මහ පරිමාණ සහල් මෝල් හිමියන් දිවයින පුරාත් පවතින සහල් තොග බෙදාහැරීමට ක්‍රියා කළ යුතු බව ජනාධිපතිතුමාගේ නියෝග මත ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා වැඩබලන පොලිස්පති, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, ආහාර කොමසාරිස් ජනරාල් සහ පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති වෙත ලිපියකින් දැනුම් දී ඇත.
මේ වන විට මෙට්ට්‍රික් ටොන් මිලියන 03කට ආසන්න වී අස්වැන්නක් ලැබී තිබේ. එයින් 2/3 ක ප්‍රමාණයක් සහල් තොග වශයෙන් පවතී. එහෙයින් අධික ලෙස සහල් මිල ඉහළ නැංවිම හෝ සහල් සැපයුම අඩාල කිරීම නිරෝධායන කටයුතුවලට අවශ්‍ය සුරක්ෂිතතාවයට දැඩි අවදානමක් ඇති කරන බව සියලු පාර්ශ්වයන්ට දන්වා සිටී.
එබැවින් ජනතාව යම් රෝග නිවාරණයකට ලක් කර ඔවුන්ගේ නිවෙස් වලටම භාණ්ඩ ලබාදීමේ කාර්ය භාරයේ නිරත මේ මොහොත් දැඩි අවධානයක් සහ ප්‍රමුඛතාවක් දී කටයුතු කරන ලෙස ලේකම්වරයා දැනුම් දෙයි.
ඔසු සල, ඖෂධ හල් (Pharmacy) බැංකු සේවා ද තවදුරටත් අත්‍යාවශ්‍ය සේවාවන් ලෙස පවත්වාගෙන යනු ලැබේ.
Reply To:
Name - Reply Comment
0 Comments