සියලු පාසල් දරුවන්ට පවිත්‍ර කරන ලද පානීය ජලය ලබාදීමට පියවර
- 2018-07-16 16:30:58
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සියලුම පාසල් දරුවන්ට පවිත්‍ර කරන ලද පිරිසුදු පානීය ජල පහසුකම් ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාපැවසීය.
ළගම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිකිරීම් කිහිපයක් සිසු අයිතියට පැවරීමේ උත්සවයකදී පසුගියදා අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිකරන ලද විදුහල්පති නිල නිවාස, ගුරු නිල නිවාස, ක්‍රීඩා මණ්ඩපය,සුහුරු පන්ති කාමර ගොඩනැගිල්ල සහ පිරිමි නේවාසිකාගාරයේ අලුත්වැඩියා කටයුතු අවසන් කර ගුරු සිසු අයිතියට පත් කිරීම අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරුනි.
මීට අමතරව නිකවැරටිය රජබිම විද්‍යාලයේ තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීම සහ අබුක්කාගම මුස්ලිම් විදුහලේ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය සිසු අයිතියට පැවරීමද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් සිදු කෙරිණි.
ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ දිවයින පුරා පළාත් පාසල් 9,063ක් සහ ජාතික පාසල් 282ක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සිදු කෙරෙන අතර, ඒ යටතේ වයඹ පළාතේ පාසල් 1,210 ක ව්‍යාපෘති 2,200ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments