Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මධ්‍යම පළාතේ ගලේවෙල අධ්‍යාපන කලාපයට අයත් නාලන්දාවේ දෙමදඔය ප්‍රාථමික විද්‍යාලය 1961 වසරේ සිට ක්‍රියාත්මක වන පැරණි පාසලකි. මෙම පාසලේ වර්තමාන සිසුන් සංඛ්‍යාව 4කි. ඒ මෙවර පළමු වසරට අලුතෙන් ඇතුළත් වූ සිසුන් තිදෙනාද සමගිනි. පාසලේ ගුරුවරු හතර දෙනෙක් (04) සේවය කරති.

ශ්‍රේණිධාරී විදුහල්පතිවරයෙක් මෙම පාසලට පත්වීමට නියමිත ව  සිටින අතර, මේ වනවිට සිසුන් සංඛ්‍යාව අඩුවීමට බලපා ඇත්තේ පාසලේ පවත්නා පහසුකම් ප්‍රමාණවත් නොවීම හා පහසුකම් සහිත පාසල් කිහිපයක් එම පාසලට ආසන්නයේ පිහිටා තිබීමයි. පාසල තුළ සිසුන් රදවා ගැනීමේ අභියෝගයට මුහුණ දෙමින් පහසුකම් සංවර්ධනය කිරීමේ කාර්යය වෙනුවෙන් ගලේවෙල අධ්‍යාපන කලාප බලධාරීන් මෙන් ම ඉදිරියේ දී පාසලට පැමිණීමට අපේක්ෂිත ශ්‍රේණිධාරී විදුහල්පතිවරයා ද ඉමහත් පරිශ්‍රමයක යෙදෙමින් සිටියි.

මෙම පාසලේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේ  එක් සිසුවෙකුගෙන් පවත්වාගෙන ගිය මෙම පාසලට අලුතින් සිසුන් තිදෙනෙකු මෙවර ඇතුළත් වීම ඉතා යහපත් ආරම්භයක් ලෙස සැලකිය හැකි බවයි.

ඉදිරියේ දී මෙම විද්‍යාලයට පහසුකම් සහිත පාසල් ගොඩනැගිල්ලක් ඇතුළු පහසුකම් සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවත් ඉදිරි වර්ෂය වනවිට සිසුන්ගේ ඇතුළත්වීම තවදුරටත් යහපත් කිරීමට ඒ අනුව හැකිවනු ඇති බව ඔහු පැවැසීය.

එමෙන් ම අලුත් පාසල් පිහිටුවීම මෙන් ම වැසී යන පාසල් නගාසිටුවීමට ද රජයක් වශයෙන් සහයෝගය ලබාදීම තම වගකීම වන බව ද අමාත්‍යවරයා මෙහි දී සදහන් කළේය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.