සිසුන් 4000කට ජාතික පාසල් දොර ඇරෙයි
- 2019-09-24 16:19:40
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීමේ වැඩසටහන යටතේ පළමු අදියරේදී සිසුන් 4000ක් අතරමැදි ශ්‍රේණි වෙත අනියුක්ත කිරීමට කටයුතු කර තිබේ.
මෙම වැඩසටහන යටතේ සිසුන් 44,568කට ජාතික පාසල්වලට ඇතුළත් වීමට අවස්ථාව සැලසී ඇත.
පළමු අදියර යටතේ සම්මුඛ පරීක්ෂණ මගින් තෝරාගත් සිසුන් 4,000 දෙනෙකු අතරමැදි ශ්‍රේණි වෙත ඇතුළත් කිරීමට අදාළව එක් එක් පාසල් විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත එවන ලද නිර්දේශිත නාම ලේඛන අනුමත කර මේ වනවිට විදුහල්පතිවරුන් වෙත යොමුකිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව විදුහල්පතිවරුන් විසින් අදාළ සිසුන් පාසල් වෙත ඇතුළත්කිරීමට දෙමව්පියන් වෙත දැනුම්දීම සිදුකරනු ලබයි.
ජාතික පාසල්වල 1,5,6 සහ 11 ශ්‍රේණි හැර අනෙකුත් අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් අනියුක්ත කිරීම මේ හරහා සිදුවෙයි.
Reply To:
Name - Reply Comment
0 Comments