සීගිරියට එන සංචාරකයින් වෙනුවෙන් වෛද්‍ය ඒකකයක්
- 2018-08-24 11:03:26
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සීගිරියට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් වෛද්‍යඒකකයක් ඇතිකර ගිලන් රථයක් ලබා දෙන බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතා සඳහන් කළේය. සීගිරියේ දැනට ප්‍රථමාධාර ඒකකයක් ක්‍රියාත්මක වුවද, ප්‍රථමාධාර ලබාදීමට සුදුසුකම් සහිත පිරිස් නොමැති බවත්, ඒහේතුවෙන් පළපුරුදු, දක්‍ෂ හෙද නිලධාරීන් කිහිප දෙනෙකු යෙදවීමට සැලසුම් කර තිබෙන බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.
මේ අනුව සීගිරියට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් ක්‍රමවත් වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවත්, ඒ පිළිබඳ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල හා සංචාරක මණ්ඩලය සමග විශේෂ සාකච්ඡාවක් පවත්වන බවත් හෙතෙම පැවසීය. සීගිරියේ පිරිසුදු කිරීම පවා නිසි ලෙස සිදු නොවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.(WMDJBM)
Reply To:
Name - Reply Comment
0 Comments