සුපිරි නිල් රුහිරු සඳක් සහිත චන්ද්‍රග්‍රහණයක් 31 දා
- 2018-01-29 13:54:19
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
විරල චන්ද්‍රග්‍රහණයක් 31දා එනම්, පසළොස්වක පොහෝදා සිදු වීමට නියමිත අතර එය 'සුපිරි නිල් රුහිරු සඳක්' (Super Blue Blood Moon) දිස්වීමේ විරල චන්ද්‍රග්‍රහණයක් ලෙසින් සිදු වීමට නියමිත බවට නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ තාරකා විද්‍යා අංශය සඳහන් කරයි.
එම අංශය පෙන්වා දෙන්නේ මෙම පූර්ණ චන්ද්‍රග්‍රහණය, වළාකුළු වලින් තොර කාළගුණයක් පැවතුනහොත් පමණක් පස්වරැ 6.21 සිට රාත්‍රී 7.37 දක්වා නැගෙනහිර ක්ෂිතිජයට ආසන්නව ශ්‍රී ලංකාවාසීන්ට දැකගත හැකි වනු ඇති බවයි.
ඒ අනූව, ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරැ 6.21ට පූර්ණ චන්ද්‍රග්‍රහණය ආරම්භ වන අතර පස්වරැ 6.59ට එහි උපරිම අවස්ථාවට පත්ව පස්වරැ 7.37ට අවසාන වන බවද සදහන් වේ.
පියවි ඇසින් නිරීක්ෂණය කළ හැකි මෙම වන්ද්‍රග්‍රහණය දෙනෙතියක (Binocular) හෝ දුරේක්ෂයක (Telescope) ආධාරයෙන් වඩාත් පැහැදිලිව නිරීක්ෂණය කිරීමේ හැකියාව පවතී.
පෘථිවිය වටා ඉලිප්සාකාර මාර්ගයක ගමන් කරන චන්ද්‍රයා ඇතැම් කාලයන්හිදී පෘථිවියට ආසන්නව ගමන් කරන අතර ඇතැම් කාලයන්හිදී පෘථිවියට තරමක් දුරින් ගමන් කරනු ලබයි. ඒ අනූව, එළඹෙන 31 වැනිදා චන්ද්‍රයා පෘථිවියට ඉතා ආසන්නව ගමන් කරන අතර එදින චන්ද්‍රයාගෙන් නිකුත් වන ආලෝකය වෙනත් පසළොස්වක දිනයන්ට සාපේක්ෂව 14% කින් පමණ දීප්තිමත්ව පෘථීවිවාසීන්ට දැක ගත වනු හැකිය. මෙලෙස දිස්වන චන්ද්‍රයා, 'සුපිරි චන්ද්‍රයා' (Super Moon) ලෙස හඳුන්වනු ලැබේ.
එසේම අනිද්දාට යෙදෙන පසළොස්වක පොහොය, එකම මසක යෙදෙන දෙවැනි පසළොස්වක පොහොය වීමද සුවිශේෂී වෙයි. එකම මසක දෙවැනි පසළොස්වක දින දිස්වන චන්ද්‍රයා නිල් සඳ (Blue Moon) ලෙසින් හැඳින්වෙන අතර මෙම කරැණු දෙක මත එදිනට දිස්වන චන්ද්‍රයා 'සුපිරි නිල් සඳක්' (Super Blue Moon) ලෙස නම් කෙරෙයි.
මේ අතර පූර්ණ චන්ද්‍රග්‍රහණය නිරීක්ෂණය කිරීමට හැකිවන රටවල්හිදී පෘථිවියේ සෙවණැල්ල මඟින් චන්ද්‍රයාගේ අඳුරැ වන කොටස රක්ත පැහැයෙන් දැක ගත හැකිවන අතර එවිට එය, 'රැහිරැ සඳ' (Blood Moon) ලෙස හැඳින්වෙයි.
ඒ අනූව, මෙම අවස්ථා ත්‍රිත්වයම සැළකිල්ලට ගනිමින් අනිද්දා දිස් වීමට නියමිත චන්ද්‍රයා සුපිරි නිල් රුහිරු සඳක්' (Super Blue Blood Moon) ලෙස නම් කළ හැකි බව සඳහන්ය.
චන්ද්‍රයා ආලෝකය නිපදවීමක් සිදු නොකරන අතර සූර්යයාගෙන් නිකුත් වන ආලෝකය චන්ද්‍රයා මත පතිතව පරාවර්ථනය වන ආලෝකය පෘථිවිවාසීන්ට නිරීක්ෂණය වීමෙන් චන්ද්‍රයා දිස්වේ. චන්ද්‍රග්‍රහණයක් සෑම විටම සිදුවනුයේ පසළොස්වක පොහෝ දිනක වන අතර සූර්යයාත්, පෘථිවියත් එකම රේඛාවක පිහිටීමෙන් පෘථිවියේ සෙවණැල්ල තුළින් චන්ද්‍රයා ගමන් කිරීම චන්ද්‍රග්‍රහණයකට හේතු වෙයි.
Reply To:
Name - Reply Comment
0 Comments