Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

සුරක්ෂා සිසු රක්ෂණාවරණය සම්බන්ධයෙන් ජනතාව නොමඟයවමින් සිදුකරණ අසත්‍ය ප්‍රචාර පතුරවන්නන් වෙනුවෙන් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

රක්ෂණාවරණයේ කාලය ඉකුත් ව ඇති බැවින් මේ වනවිට ප්‍රතිලාභ ලබාගැනීම සිදුකළ නොහැකි බවට එල්ල කරන චෝදනාව ද කරුණු සොයා බැලීමකින් තොරව සිදුකළ ප්‍රකාශයක් බවද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ජාතික මට්ටමින් ක්‍රියාත්මක වැඩසටහනක් සම්බන්ධයෙන් මෙවන් අත්තනෝමතික හා සාවද්‍ය කරුණු මඟින් ජනතාව නොමග යැවීම බරපතල තත්වයක් බවද එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.

උපාධිධාරී සේවා නියුක්තිකයන්ගේ එකමුතුව පවසන ආකාරයට සුරක්ෂා රක්ෂණාවරණයේ ප්‍රවර්ධන ක්‍රියාවලිය සඳහා බාහිර පාර්ශවයකට රුපියල් ලක්ෂ 224ක් ගෙවා ඇති බවට එල්ල කළ චෝදනාව අසත්‍ය බවද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එමෙන්ම සුරක්ෂා රක්ෂණාවරණයේ ප්‍රතිලාභ ලබාගැනීම සම්බන්ධයෙන් ඔවුන් විසින් මතුකරන සියලු කරුණු සමාජය නොමගයවන පදනම් විරහිත කරුණු හෙයින් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.