සුලි කුණාටුවේ කතාව බොරුවක්
- 2017-11-30 03:24:46
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රාත්‍රී 11.15ට පමණ කුලාල් නම් සුලි කුණාටුවක් ශ්‍රී ලංකාවට ඇතුළු වන බවට සමාජ්‍ය මාධ්‍ය ඔස්සේ පැතිර යන කතාවල කිසිදු සත්‍යතාවක් නැතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපුටා දක්වමින් ලංකාදීපය වාර්තා කරයි.
දැනට ගැඹුරු අවපීඩන තත්ත්වයක් ඇති වී තිබෙන බවත් එනිදා තද සුළං හැමුවත් එය තවමත් සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී නැති බවත් එම දෙපාර්තමේන්තුව පවසයි. එවැනි තත්ත්වයක් වර්ධනය වුවහොත් කඩිනමින් ඒ පිළිබඳව දැනුම් දෙන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර තිබේ.
සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන්නෙයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි. දැනට වර්ධනය වී තිබෙන ගැඹුරු පීඩන අවපාතය නිසා තද සුළං සහ තද වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි.
මුහුදු බඩ ප්‍රදේශවල පැයට කිලෝමීටර 100 වැඩි වේගයකින් ද ගොඩබිම් ප්‍රදේශවල පැයට කිලෝමීටර 80කට ආසන්න වේගයක සුළං ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
(හර්ෂණ තුෂාර සිල්වා- ලංකාදීප)
Reply To:
Name - Reply Comment
0 Comments