සුවිශේෂී දක්ෂතා දක්වන සිසුන් 1000කට සුභග ශිෂ්‍යත්ව
- 2018-07-10 11:23:27
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ක්‍රීඩා, සෞන්දර්ය හා නව නිපැයුම් ක්ෂේත්‍රයන්ගෙන් සුවිශේෂ දක්ෂතා සහිත පාසල් සිසුන් දිරිගැන්වීම අරමුණින්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සංකල්පයක් මත ක්‍රියාවට නංවන ලද සුභග ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා තෝරාගත් සිසුන් 1,000කට ශිෂ්‍යත්ව ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මූලිකත්වයෙන් ලබන 12 වැනි දින අරලියගහ මන්දිරයේ දී මෙම ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය පැවැත්වීමට නියමිතයි.
රටේ සංවර්ධනයට සුවිශේෂී දායකත්වයක් ලබාදිය හැකිවන පරිදි විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සුවිශේෂී දක්ෂතා දක්වන සිසුන්ට එම කුසලතා තවදුරටත් වැඩිදියුණු කරගැනීමට දිරිගැන්වීම අරමුණු කරගනිමින්, ද්විතීයික අධ්‍යාපන අවධියේ (අයදුම්පත් කැඳවන ලද වර්ෂය තුළ 12 වැනි ශ්‍රේණියට ඇතුළත් ව අ.පො.ස උසස් පෙළ හදාරන) සිසුන් අතරින් මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා සිසුන් තෝරා ගැනීම් සිදු කර ඇත.
මේ සඳහා සිසුන් තෝරාගැනීම මේ යටතේ පොදු නිර්ණායක හයක් පදනම් කර ගෙන තිබේ.
ඒ අනුව විශේෂ නිර්ණායක යටතේ නව නිපැයුම්, සෞන්දර්ය හා ක්‍රීඩා යන ප්‍රධාන ක්ෂේත්‍ර අතරින් එක් එක් ක්ෂේත්‍ර යටතේ විශිෂ්ට දක්ෂතා සහිත සිසුන් තෝරාගැනීමටත්, පොදු නිර්ණායක අනුව, ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා සහ සමස්ත ලංකා මට්ටමේ භාෂා, සාහිත්‍ය විද්‍යා ඇතුළු අනෙකුත් විෂයන් ආශ්‍රිත ක්‍රියාකාරකම්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්‍රියාකාරකම්, නිර්මාණශීලීත්වය ආශ්‍රිත ක්‍රියාකාරකම් යන විෂය සමගාමී ක්‍රියාකාරකම් ඇසුරින් සුවිශේෂ දක්ෂතා දක්වන සිසුන් තෝරාගැනීමටත් කටයුතු කෙරිණි.
සුභග හැකියාවන් සහිත සිසුන් වෙනුවෙන් මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය වසරක් පාසා සිදුකිරීමට නියමිත අතර, මේ වසරේ සිදුකෙරෙන්නේ 2017 වසරේ කැඳවන ලද අයදුම්පත් ඇසුරෙන් තෝරාගත් සිසුදරුවන් සඳහා වන සුභග ශිෂ්‍යත්ව ප්‍රදානයයි. මේ අනුව ශිෂ්‍යත්වලාභීන් ලෙස තෝරාගත් සියලු සිසුන් වෙත මාසයකට රුපියල් 2500 බැගින් මාස 20ක කාලසීමාවක් තුළ රුපියල් 50000ක ශිෂ්‍යත්වයක් බැගින් ලබාදීමට නියමිතයි.
(රජයේ නිල පුවත් සේවය)
Reply To:
Name - Reply Comment
0 Comments