Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

වර්ෂ 1956 දී එවකට උත්තරීතර මන්ත්‍රී මණ්ඩලය වෙනුවෙන් (සෙනෙට් සභාව) සෙංකෝලය නිර්මාණය කළ දිවයිනේ සුප්‍රසිද්ධ විශිෂ්ඨ රන් කැටයම් ශිල්පියෙකු වූ ඇස්වෙද නයිදෙලාගේ පියතිලක මහතා  අභාවප්‍රාප්ත විය.

මිය යන විට අසු අට වන වියෙහි පසු වූ මෙම විශිෂ්ට කලාකරුවා මීට දෙමසකට පෙර (දින 56කට)  පාර්ලිමේන්තුව වෙත කැඳවා ඔහුගේ නිර්මාණය වසර 60කට පසු යලි ස්පර්ශ කර බැලීමේ අවස්ථාව සැළසු කථානායක කරු ජයසූරිය මහතා ඔහු ඇතුළු පවුලේ දූ දරුවන්ට දිවා භෝජනයෙන්ද  සංග්‍රහ කර තුටු පඩුරු පිරිනැමීමට කටයුතු කළේය.
“ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය දශක 07 සම්පූර්ණ වීමට ඇත්තේ තවත් මාස කිහිපයකි.

පාර්ලිමේන්තු ඉතිහාසයේ නම රැන්දූ පුද්ගල චරිත විශාල ප්‍රමාණයක් මෙන්ම පාර්ලිමේන්තු ක්‍රමයේ අභිමානය සංකේතවත් කළ සුවිශේෂ නිර්මාණ කිහිපයක් ද වෙති.  ඒ අතර,  පාර්ලිමේන්තුවේ බලය සංකේතවත් කරනුයේ සෙන්කෝලයයි.

1972 ජනරජ ව්‍යවස්ථාවට පෙර උත්තර මන්‍ත්‍රී මණ්ඩලය (සෙනෙට් සභාව) සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ලෙස ද්වී මණ්ඩල ක්‍රමයක් ක්‍රියාත්මක වූ පාර්ලිමේන්තුවේ සෙනෙට් සභා සෙංකෝලය වර්තමානයේ භාවිතයට නොගැනුනද මේ ඓතිහාසික සංකේතය පාර්ලිමේන්තුවේ සුවිශේෂ කෞතුක භාණ්ඩයක් ලෙස ඉතා සුරක්ෂිතව තැන්පත් කර ඇත.

1949 දී බ්‍රිතාන්‍ය රජය විසින් පරිත්‍යාගයක් ලෙස ලබා දුන් එදා නියෝජිත මන්ත්‍රී මණ්ඩල සැසිවාරවලදී භාවිතා කළ සෙන්කෝලය  වත්මන් පාර්ලිමේන්තුවේ භාවිතා වන අතර,  ශ්‍රී ලංකාවේ කලාකරුවන් විසින් නිර්මිත එකම සෙන්කෝලය සෙනෙට් සභා සෙන්කෝලයයි.  1956 දී තමන්ට ලබා දුන් සැලැස්ම අනුව අගල් 52 කින් දිගින් යුතුව ඇත් දලයකට  කැරට් 20 රන් පවුම් 45 කින් හා  රිදී රාත්තල් 3 ½ කින් කැටයම් දමා පච්චවඩම්, නිල් මැණික් සහ නවවරම් මාණික්‍යයන් ඔබ්බවා නිර්මාණය කරන ලද්දේ එවකට සුප්‍රසිද්ධ විශිෂ්ඨ රන්කරුවෙකු ලෙස ප්‍රසිද්ධියක් ඉසිලූ රඹුක්කන දොඹේමඩ  ගම්මානයේ පදිංචි ඇස්වෙද නයිදෙලාගේ පියතිලක මහතා විසිනි.  මෙම විශිෂ්ඨ කලාකරුවා  88 වියැතිය. අඩ සියවසකටත් පෙර  නිමවා භාර දුන් මෙම අතිශය සම්භාවනීය සංකේතය අසලටවත් සමීප වීමට එදා මෙදා තුර ඔහුට වරම් හිමි නොවීය.  දෑත, දෙපය හොදින් වාරු තිබුණු සමයේ තමා විසින් කළ නිර්මාණය ස්වකීය දරු මුණුබුරන් කැටුව විත් යළි ස්පර්ශ කර බැලීමට දැඩි කැමැත්තක් ඔහු තුළ ඇති බව දැනගත් කථානායක කරු ජයසූරිය මහතා  පාර්ලිමේන්තුවට කැඳවා එම අවස්ථාව සැලැස්වූයේ විශේෂ  භෝජන සංග්‍රහයක් සහ තුඩු පඬුරුද පිරිනමමිනි.   

මෙම සෙන්කෝලයේ උඩ කොටස පෙති අටකින් සමන්විත පත්මයක් මත පිහිටි උල් හැඩයට ඇති පච්චපඩියම් මාණික්‍යයකින් සෑදු ඔටුන්නකින් ගෝලය පුන්කලසක හැඩරුවින් සමන්විත වේ. ගෝලය වටා ඇති රැලිවලින් අනුරාධපුරයේ සඳකඩ පහණ මූර්තිමත් කෙරේ. එයට පහළින් ලංකාවේ රක්ත හා නීල මාණික්‍යයන් ඔබ්බවා තිබේ.  සෞරග්‍රහ මණ්ඩලයේ නව ග්‍රහයන් පිළිබිඹු වන සේ පහත කවයෙහි නවරත්න මාණික්‍යයන් සවි කර ඇත.  සෙන්කෝලය කොටස් 45 කට ගැලවිය හැකි පරිදි එක් රහස් ඇණයකින් සවි කර ඇති බවත් එම රහස් ඇණය ගැන දන්නේ තමා පමණක් බවත් පියතිලක මහතා පවසයි.  එහි මුළු බර රාත්තල් හතර හමාරක් වන අතර,   එහි යෂ්ටිය වටේට එවකට සෙනෙට් සභාවේ ලාංජනයෙහි “සංතින්ද්‍රියෝච නිපකෝච” යන පාලි පාඨය සඳහන්ව තිබූ බව ඔහු පැවසීය.

ජපානයේ මිසාකා කුමරියට, ඉන්දීය හිටපු අගමැති ශ්‍රී නේරුතුමාට, එවකට ලංකාවට පැමිණි පාකිස්තානයේ රාජ්‍ය නායකයෙකුට පවා පියතිලක මහතා විසින් නිර්මාණය කළ භාණ්ඩ රජය විසින් තිළිණ කර තිබේ. ”

(ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.