සෝමවීර සේනානායක අභාවප්‍රාප්ත වෙයි
- 2018-06-09 21:03:26
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සිංහල සාහිත්‍ය කලාවට සුවිශේෂ වු සේවයක් කළ ප්‍රවීණ නවකතා කරුවෙකු පුවත්පත් කලාවේදියකු මෙන්ම විශිෂ්ට ටෙලි නාට්‍ය තිර රචකයකු වන සෝමවීර සේනානායක මහතා අභාවප්‍රාප්ත විය. 1944 නොවැම්බර් 25 දින උපන් ඔහු අභාවප්‍රාප්ත වන විට 74 වැනි වියේ පසු විය. 1944 වර්ශයේ නොවැම්බර් 25 වන දින උපත ලබා ඇති සේනානායක මහතා කුඩාගම කණිටු විදුහල, ඇපලපිටිය විදුහල සහ රුවන්වැල්ල රාජසිංහ මැදි විදුහල්වලින් ශිල්ප හදාරා ඇත. විද්‍යෝදය විශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලද 1966 දී හා 1976 දී ශාස්ත්‍රපති උපාධිය ලබා ගෙන ඇත. 1970 දී සාහිත්‍ය නිර්මාණ පිළිබඳ ඩිප්ලෝමා උපාධිය ද ලබා ගෙන ඇත. 1972 දී සෝමවීර බොරලැස්ගමුවේ රූපා ලාලනි බමුණුආරචිචි සමග විවාහ වී පුතෙකුගේ හා දියණියගේ පියෙක් විය. අකලංක විශ්වමිත්ර සහ මධුභාෂිණි සේනානායක පුතු සහ දියණියයි.
සපිරි රස දහසක්, පුන්‍ය භූමි, සිරි දළදා පෙරහැර සිරිත, පුවත්පතක් බිහිවෙයි, සඳේ තනියට පුංචි තරුවක්, පිපුණු මලේ රුව, යළිත් වසන්තය, සවි ශක්ති වාර්තා වැඩ සටහන් රැසක්ද නිර්මාණය කර තිබෙන්නේ සෝමවීර සේනානායක මහතාය.
රාජ්‍ය සම්මාන රැසක් දිනා ඇති සේනානායකයන් අස්ගිරි මහා විහාරය විසින් 2002 වර්ෂයේ දී ධරම් සාහිත්‍ය කලා චූඩාමාණී ගෞරව නාම සම්මුතිය යෙන්ද පිදුම් ලබා ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments