Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

COVID - 19  වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් මෙවර සම්බුදු තෙමගුල සැමරීම සෞඛ්‍ය ආරක්ෂාවට මුල්තැන දෙමින් පැවැත්වීමට සිදුව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය  පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.

COVID - 19  වෛරසය පාලනය හා මැඩපැවැත්වීම උදෙසා මෙරට තුල මෙන්ම ලොව අනෙකුත් රටවල් ද මේ වන විට දැඩි සෞඛ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කරමින් පවතින බවත් එබැවින් මෙවර වෙසක් උත්සවය වෙනස් ආකාරයකින් සැමරීම සඳහා අවශ්‍ය සියලු පියවර වත්මන් රජය හා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගෙන ඇති බවත් අමාත්‍යවරිය නිවේදනයක් නිකුත් කරමින් පැවැසීය.

හැකිතාක් දුරට නිවස මූලික කරගත් ආමිස හා ප්‍රතිපත්ති පූජා වල නිරත වන ලෙසත් වෙසක් කලාප, දන්සැල්, තොරණ් ආදිය  ඇතුළු සියලුම මහජනතාව ඒකරාශී වන වැඩසටහන් පැවැත්වීමෙන් වළකින ලෙසත් ඇය ඉල්ලා සිටියි.

වෙසක් දිනයේ දී නිවසින් පිටත අනවශ්‍ය ගැවසීම් හා වෙසක් එළි බැලීම සඳහා නොයන ලෙසටත් සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් දී ඇතැයිද ඇය පවසයි.

විශාල වශයෙන් ජනතාව රැස්වන ආමිස පූජාවන්ගෙන් බැහැර වන්නට සිදු වුව ද, බුදු දහමේ උත්තරීතර වටිනාකම මත පදනම්ව ආමිස හා ප්‍රතිපත්ති පූජාවන් සමාජ නවෝදයක් උදෙසා කටයුතු කරන්නට මෙම වෙසක් සමයේ ඉහත සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිළිපදිමින් කටයුතු කිරීම අතිශය වැදගත් බව ඇය පෙන්වා දෙයි.

 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.