Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

හතේ අපේ පොත පිළිබදව පූර්ණ වාර්තාවක් මසක් ඇතුළත ලබා දෙන ලෙස අධ්‍යාපනය සහ මානව සම්පත් සංවර්ධනය පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව සහ  කාන්තා සහ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව  අධ්‍යාපන අමාත්‍යාංශයට අද නිර්දේශ කළේය.

පාර්ලිමේනතුවේදී අද පැවති මෙම කමිටුවල ඒකාබද්ධ රැස්වීමේදී  සංස්කෘතිය තුළ අතිශය සංවේදී වන මෙම ප්‍රජනක සෞඛ්‍ය පිළිබද ලාංකේය ශිෂ්‍ය ප්‍රජාව දැනුවත් කළ යුතු ආකාරය පිළිබද පුලුල් අධ්‍යයනයක් සිදු කොට ඊට ගැළපෙන ආකෘතියක් ද මෙම ද්විත්ව කමිටුව එක්ව    සකස් කරන ලෙසද අධ්‍යාපනය සහ මානව සම්පත් සංවර්ධනය පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව මෙහිදී නිර්දේශ කළේය.

මෙම ග්‍රන්ථ බෙදා හැරීම නැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගත්තද   මේවන විට මුද්‍රණය කරන ලද මෙම ග්‍රන්ථ 3,50,000 ක ප්‍රමාණයෙන් නැවත ලැබී ඇත්තේ ග්‍රන්ථ 25000ක ප්‍රමාණයක් පමණක් බවත් මේඅනුව ඉතිරි ග්‍රන්ථ බෙදා හැර ඇති බවත් මෙහිදී අනාවරණය විය.

හතේ අපේ පොත පිළිබද මුල්වරට විවේචනාත්මක අදහස් ඉදිරිපත් කළ පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් ද මෙම අවස්ථාවට සහභාගි වු අතර උන්වහන්සේ පවසා සිටියේ ලිංගික අධ්‍යාපනය පිළිබද ලාංකේය ශිෂ්‍ය ප්‍රජාව දැනුවත් කිරීම අතිශය වැදගත් වුවද සංස්කෘතිය තුළ සංවේදී වන මෙවැනි කාරණා සිසුන් තුළ ලිංගිකත්වය පිළිබද උත්තේජනයක් ඇති නොවන ලෙස මීට වඩා සංයමයකින් යුතුව ඉදිරිපත් කළ යුතු බවය.

මෙම අවස්ථාවට සහභාගී වු පූජ්‍ය මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසා සිටියේ මෙම දැනුම ලබා දීම වැදගත් වුවද මෙවැනි කෘතියක් සම්පාදනය කිරීමේදි  සිසු සිසුවියන්ට ග්‍රහණය කළ හැකි නිසි වයස් මට්ටම ද එම කරුණු ඉදිරිපත් කරන විලාශය පිළිබද මීට වඩා අවධානය යොමු කළ යුතු බවයි.

මෙම කෘතියේ මතභේදයට තුඩු දෙන තරම් නොගැළපෙන  කරුණු අන්තර්ගත බව තමාට නොහැගෙන බව මෙම අවස්ථාවට සහභාගි වු බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක රුහුණ විශ්ව විද්‍යාලයේ කුලපති ආචාර්ය අකුරටියේ  නන්ද හිමියන් පවසා සිටියහ.

මෙම ග්‍රන්ථය ලාංකේය ශිෂ්‍ය ප්‍රජාව දැනුවත් කිරීමේ යහපත් අරමුණ පෙරදැරිව  2016 වසරේ සිට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව දැරූ ප්‍රයත්නයක ප්‍රතිඵලයක් බවද  අඩුලුහුඩුකම් පවති නම් ඒවා  සකසා ඉදිරියට යාමට බලාපොරොත්තු වන බවද  ‘’කාන්තා සහ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේ’’ සභාපතිනිය පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය තුසිතා විජේමාන්න මහත්මිය මෙහිදී සදහන් කළාය.

මෙම සියලු කාරණා සැලකිල්ලට ගනිමින් ‍ද්විත්ව කමිටුව පවසා සිටියේ මේ වන විට පොත් බෙදා හැරීම සිදුව ඇති බැවින් මෙම ප්‍රජනක සෞඛ්‍ය පිළිබද ලාංකේය ශිෂ්‍ය ප්‍රජාව දැනුවත් කළ යුතු ආකාරය පිළිබද පුලුල් අධ්‍යයනයක් සිදු කොට ඊට ගැළපෙන ආකෘතියක් සකසා ඉදිරියේදී ගත යුතු පියවර තීරණය කළ යුතු බවයි.

විශේෂඥ වෛද්‍යවරුන්,විශ්ව විද්‍යාල මහාචාර්යවරුන්,අධ්‍යාපනඥයන්,ජාතික ළමාරක්ෂක අධිකාරියේ නිලධාරීන්,අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.