හානියට පත් පාසල් අධ්‍යාපන ඇමැති නිරීක්ෂණය කරයි
- 2018-05-29 10:15:09
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අයහපත් කාළගුණය හේතුවෙන් හානි සිදුවූ කුලියාපිටිය ශ්‍රී ධම්මරතන කනිෂ්ඨ විද්‍යාලය සහ කුලියාපිටිය මාහිම්පිටිය හොරතපොළ මාර්ගයේ පාළම නිරීක්ෂණය සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පසුගියදා එක්විය. කුලියාපිටිය ශ්‍රී ධම්මරතන කනිෂ්ඨ විද්‍යාලයේ පුස්තකාලය ඇතුළු ගොඩනැගිලි රැසක් අයහපත් කාළගුණය හේතුවෙන් ආපදාවට ලක්ව තිබේ. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එම විද්‍යාලයේ ගුරුවරු සහ දෙමාපියන් සමඟ සාකච්ඡාවක ද නිරත වූ අතර එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ " ළඟම පාසල හොඳම පාසල" ව්‍යාපෘතියේ නිරත ඉංජිනේරුවරුන්ගේ තාක්ෂණික උපදෙස් ලබා ගනිමින් ඉදිකිරීම් කටයුතු කඩිනමින් සිදු කරන බවයි. මේ අතර දැයට කිරුළ වැඩසටහනට සමගාමිව ඉදිකර තිබූ කුලියාපිටිය මාහිම්පිටිය හොරතපොළ මාර්ගයේ පාලම කඩා වැටී ඇති ස්ථානය අමාත්‍යවරයා නිරීක්ෂණය කළ අතර එම ස්ථානයට නව පාලමක් ලබාදීමේ වැඩකටයුතු ඉක්මනින් ලබාදීමට කටයුතු කරන මෙන් අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
(රජයේ නිල පුවත්)
ඡායාරූප- මාධ්‍ය ඒකකය
Reply To:
Name - Reply Comment
0 Comments