හිටපු නාවික හමුදාපතිගෙන් අසමමිතික යුද කටයුතු ගැන පොතක්
- 2016-10-15 12:12:05
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හිටපු නාවික හමුදාධිපතිවරයෙකු වූ අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය, ජයනාත් කොළඹගේ මහතා විසින් රචිත “ASYMMETRIC WARFARE AT SEA: THE CASE OF SRI LANKA” කෘතිය ඊයේ (14දා) අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී එළිදැක්විය. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහභාගී විය.
ප්‍රවීණ දේශකයෙකු මෙන්ම ගත් කතුවරයෙකු වන හිටපු නාවික හමුදාපතිවරයා විසින් රචිත මෙම ග්‍රන්ථය මගින් අසමමිතික යුද කටයුතු, මුහුදු කොටි ත්‍රස්තවාදීන්ගේ වර්ධනය, පසුබෑම, ඔවුන්ගේ යුද සහ මෙහෙයුම් හැකියාව මෙන්ම එම ක්‍රියාකාරකම් හමුවේ නාවික හමුදාව විසින් සාගරික ආරක්ෂාව තහවුරු කළ ආකාරය පාඨකයාට අවබෝධයක් ලබා දෙයි.
තවද, අසමමිතික යුද කටයුතු සම්බන්ධයෙන් නාවික හමුදා ඉතිහාසයේ රචනා වූ පළමු කෘතිය මෙය වන අතර, මෙය වර්තමානයට මෙන්ම අනාගතයට ද එකසේ වැදගත් වන ඉතා වටිනා කෘතියක් බැව් සඳහන් කළ යුතුය.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 18 වැනි නාවික හමුදාධිපතිවරයා වශයෙන් කටයුතු කර ඇති අද්මිරාල් (විශ්‍රාමික) කොළඹගේ මහතා, නිර්භීතභාවය වෙනුවෙන් පිදෙන රණශූර පදක්කමින් මෙන්ම විශිෂ්ඨ සේවා විභූෂණය හා උත්තම සේවා පදක්කම ඇතුළු පදක්කම් හා පළඳනා රාශියකින් පිදුම් ලබා ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියකි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments