හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවේ පඨමාලා සඳහා අභ්‍යසලාභීන් බඳවා ගැනේ
- 2018-08-30 14:27:11
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සෞඛ්‍ය, පෝෂණ සහ දේශිය වෛද්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය කර්මය සඳහා වූ හෙද, පරිපූරක, හා අතුරු වෛද්‍ය සේවාවේ පඨමාලා සඳහා අභ්‍යසලාභීන් බඳවා ගැනීම 2018 අගොස්තු මස 31 දින ප්‍රකාශයට පත් කරන ගැසට් නිවේදනයට අනුව තනතුරු 12 ක් සදහා සුදුසුකම් සපුරා ඇති අභ්‍යාසලාභීන් බදවා ගැනීමට නියමිතය අගොස්තු මස අග හෝ සැප්තැම්බර් මස මුලදී අමාත්‍යාංශ වෙබ් අඩවිය තුළින් සැලසුම් කර තිබේ. සියලු අයදුම්කරුවන් ලියාපදිංචි වීමේ දී ජාතික හැදුනුම්පතක්, වලංගු විද්‍යුත් තැපැල් ගිණුමක්. සම්බන්ධ කර ගත හැකි ජංගම දුරකථන අංකයක් තිබිය යුතුය. අයදුම්පත් පිරවීමේ දී ගැටලුවක් මතුවුවහොත් සතියේ දින වල දී ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයෙන් සහ සෞඛය අමාත්‍යාංශයේ මානව සම්පත් කළමණාකරණ හා සම්බන්ධීකරණ ඒකකය (011 2693955) යන දුරකථන අංකයෙන් උපදෙස් ලබාගත හැකි වෙයි. නව වැඩපිළිවෙල තුලින් සෞඛ්‍ය සේවාවට අවශ්‍ය සියලුම කාර්ය මණ්ඩල කඩිනමින් බදවා ගැනීමටත්, කඩිනමින් පුහුණුවට යොමු කිරිමටත් හැකියාව ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.ශ්‍රී ලංකික පුරවසියන්ගෙන් අයදුම්පත් කැඳවීම සිදුකරනු ලැබේ.
සියලුම පාඨමාලා සඳහා බඳවා ගැනීම අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියෙන් පමණක්විද්‍යුත් මාධ්‍ය (Online) ක්‍රමයෙන් සිදු කිරීමට පියවර ගන්නා බව අමාත්‍යාංශය නිවේදනය කරනු ලබයි.
හෙද නිලධාරි (වසර තුනයි - ඉංග්‍රීසි මාධ්‍ය),
පරිපූරක වෘත්තීන්ගේ සේවාවට අයත්
වෛද්‍ය රසායනාගාර කාර්මික ශිල්පි (වසර දෙකයි - ඉංග්‍රීසි මාධ්‍ය), ඖෂධවේදී(වසර දෙකයි - ඉංග්‍රීසි මාධ්‍ය), වෘත්තීය චිකිස්සක(වසර දෙකයි - ඉංග්‍රීසි මාධ්‍ය), විකිරණ ශිල්පී(වසර දෙකයි - ඉංග්‍රීසි මාධ්‍ය),
අතරු වෛද්‍ය සේවවට අයත්
පාසල් දන්ත චිකිත්සක, (වසර දෙකයි - ඉංග්‍රීසි මාධ්‍ය)විකිරණ ශිල්පි(වසර දෙකයි - ඉංග්‍රීසි මාධ්‍ය), පාසල් දන්ත චිකිත්සක(වසර දෙකයි - ඉංග්‍රීසි මාධ්‍ය), සෞඛ්‍ය කීට, විද්‍යා නිලධාරි(වසර දෙකයි - ඉංග්‍රීසි මාධ්‍ය), අක්ෂි තාක්ෂණවේදී(වසර දෙකයි - ඉංග්‍රීසි මාධ්‍ය), අංගාදේශක හා ඝෘජුකරණඥ(වසර තුනයි - ඉංග්‍රීසි මාධ්‍ය), මහජන සෞඛ්‍ය පරික්ෂක(වසර එක හමාරයි - සිංහල දෙමළ මාධ්‍ය), ඛන්තු රේඛන ශිල්පී(වසර එකයි - ඉංග්‍රීසි මාධ්‍ය), විද්‍යුත් නිකර්පණ රේඛණ සටහනකරු(වසර එකයි - ඉංග්‍රීසි මාධ්‍ය)
Reply To:
Name - Reply Comment
0 Comments