හොඳම කාව්‍ය කෘතියට හා කෙටි කතාවට රජත සම්මානය
- 2016-12-16 08:48:31
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වසරේ හොඳම කාව්‍ය කෘතිය සහහොඳම කෙටිකතාව සඳහාද රජත සම්මාන පිරිනැමීමට ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය තීරණය කර තිබේ.
2017 වසරේ ජුනි මාසයේදී මහනුවර පැවැත්වෙන පොත් ප්‍රදර්ශනයට සමගාමීව ප්‍රථම වරට මෙම රජත සම්මාන පිරිනැමීමට ශ්‍රීලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය කටයුතු යොදා තිබේ.
වසරේ හොඳම නවකතාව සඳහා පමණක් ස්වර්ණ පුස්තක සම්මාන පිරිනැමූ ශ්‍රීලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මෙම තීරණයට එළැඹ ඇත්තේ, කෙටිකතා හා කාව්‍ය කෘතීන් ලිවීමට ලේඛක ලේඛිකාවන් දිරිගැන්වීමට බවද එම සංගමය සඳහන් කරයි.
නව සම්මාන ප්‍රදානය සඳහා 2016 වසර තුළ ප්‍රකාශයට පත්කෙරුණු කෙටිකතා හා කාව්‍ය කෘතීන් ශ්‍රීලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයට යොමුකරන ලෙස ඉල්ලා සිටී.(wmdjbm)
Reply To:
Name - Reply Comment
0 Comments