ළඟම පාසල හොඳම පාසල වැඩසටහනට තවත් රු.මි. 1700ක්
- 2018-03-09 12:10:44
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සංකල්පයක් අනුව 2016 වසරේ සිට ළඟම පාසල - හොඳ ම පාසල ජාතික ව්‍යාපෘතිය ආරම්භ කළ අතර, මෙම ව්‍යාපෘතිය යටතේ හඳුනාගත් ජාතික පාසල් 282ක් සහ පළාත් පාසල් 9063ක, ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති 18,654ක් හරහා සංවර්ධන කටයුතු සිදු කෙරේ.
2016 වසරේ සිට 2020 තෙක් සිවු අවුරුදු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නංවා ඇති මෙම ළඟ ම පාසල හොඳම පාසල ජාතික වැඩසටහන වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සමස්ත මූල්‍ය ආයෝජනය රුපියල් බිලියන 64 ක් වන අතර, මේ වනවිටත් සමස්ත ආයෝජනයෙන් රුපියල් බිලියන 26. 7ක් පාසල් පද්ධතිය වෙත මුදාහැර අවසන් බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.
2017 දෙසැම්බර් අවසන් වනවිට පාසල්වල හඳුනාගත් සංවර්ධන අවශ්‍යතා සහිත ව්‍යාපෘති 13,082ක් ආරම්භ කර, ඒ අතරින් ව්‍යාපෘති 7,296ක සංවර්ධන කටයුතු සම්පූර්ණයෙන් ම අවසන් කොට තිබේ.
රටේ සෑම දරුවෙකුට ම අධ්‍යාපනයේ සමාන ඉඩප්‍රස්ථා සලසාදීම වෙනුවෙන් සමස්ත පාසල් පද්ධතිය තුළ සම්පත් බෙදීයාමේ විෂමතා ඇති නොවන ලෙස විශේෂයෙන් ම පළාත් සහ අධ්‍යාපන කලාප මට්ටමින් පාසල්වල නිවැරදි සංවර්ධන අවශ්‍යතා හඳුනාගැනීම සි දුකරමින් මෙම ජාතික වැඩසටහන වඩාත් විධිමත් ව හා විනිවිදභාවයෙන් ක්‍රියාත්මක කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ අරමුණ බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
Reply To:
Name - Reply Comment
0 Comments