Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ළමා ආරක්ෂණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අවධානය යොමුව තිබේ.

මේ පිළිබඳව කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ඒ. එස්. එම්. එස්. මහානාම මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන්  අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී පසුගියදා පැවැත්විය.

එහිදී ළමා ආරක්ෂණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා 2020 – 2025 පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම පිළිබඳව අවධානය යොමු විය. මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යාංශ 14ක අමාත්‍යාංශ ලේකම්වරුන් නියෝජනය කරමින් නියෝජිතයින් සහභාගී විය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍යයේ දැක්ම”  ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි අන්තර්ගත “නැණ බල සහිත ළමා පරපුරක්” යටතේ රටේ සියළු දරුවන්ට  ජාත්‍යන්තර ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය අනුව ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් හිමි වියයුතු වරප්‍රසාද හා අයිතිවාසිකම්වලට ඇති හිමිකම සහතික කිරීමේ අපේක්ෂාවෙන් යුතුව මෙම ළමා ආරක්ෂණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සම්පාදනය කර තිබේ.

ළමා ආරක්ෂණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අදාළ මෙම පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්ම සැකසීම සඳහා අවශ්‍ය වන අමාත්‍යාංශ සම්බන්ධීකරණ කටයුතු හා අධීක්ෂණ කටයුතු ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මගින් සිදු කරනු ලබයි‍.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.