Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකා ළමා උපකාරක දුරකථන සේවය (1929) වෙත වාර්ෂිකව පැමිණිලි 9,000කට අධික ප්‍රමාණයක් ලැබෙන බවත්, ඉන් පැමිණිලි 1,500කට ආසන්න ප්‍රමාණයක් අනිවාර්ය අධ්‍යාපනය සම්බන්ධ රෙගුලාසි කඩවීම් සම්බන්ධයෙන් බවත් ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය සඳහන් කරයි.

අද ට (ජුනි 12) යෙදෙන ළමා ශ්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය වෙනුවෙන් ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.
ළමා ශ්‍රමයට එරෙහි වී, ළමා ශ්‍රමය නිමාකිරීම සඳහා එවැනි සිදුවීම් පිළිබඳ දවසේ පැය 24 ක්‍රියාත්මක, ඇමතුම් ගාස්තු රහිත 1929 ශ්‍රී ලංකා ළමා උපකාරක දුරකථන සේවය අමතා දැනුම් දෙන ලෙසද එම අධිකාරිය දැනුම් දෙයි.

මෙවර ළමා ශ්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනයේ තේමාව වී ඇත්තේ %ළමා ශ්‍රමය නිමා කරමු, නැවුම් සිහින සැබෑ කරමු යන්නය.
ළමා ශ්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය වෙනුවෙන් ළමා අපයෝජන හා විවිධ සමාජ, ආර්ථික, ගැටලු හේතුවෙන් වින්දිත, ආන්තික හා අනාරක්‍ෂිතභාවයට පත්වූ ළමයින්ගේ අධ්‍යාපන අයිතිය සුරක්‍ෂිත කිරීම, ළමයින් ද්විතික වින්දිතභාවයට පත්වීම අවම කිරීම හා ළමයා පාසල් හැරයෑමේ ප්‍රවණතා අවම කිරීමේ අරමුණින් 
විශේෂ වැඩසටහනක් ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය මගින් දියත් කිරීමට සැලසුම් කර තිබේ. (ada) 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.