Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ සිසු දරුවන් විසින් රචිත ළමා කෘති 88 ක් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වෙත පසුගිය දා පිරිනැමුණා. මෙම ළමා කෘති පසුගිය දා එළි දැක්වුණේ එම විද්‍යාලයේ පුස්තකාල දිනයට සමගාමීවයි.

තාක්ෂණය, සන්නිවේදනය සමඟ වේගවත් ව ඉදිරියට යන ලෝකය සමග දැයේ දරුවන් සම්බන්ධ කිරීම සඳහා යාවත්කාලීන වූ දැනුම ලබාගත හැකි වඩාත් ගුණාත්මක පොත් දරුවන් අතට පත් කිරීමේ ජාතික කර්තව්‍යය මැනවින් හඳුනාගනිමින් පුස්තකාල පොත් මිල දී ගැනීම වෙනුවෙන් රජය විසින් පාසල් 3200 ක් වෙත රුපියල් මිලියන 700 ක ප්‍රතිපාදන මේ වසර තුළ වෙන්කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

නූතන තාක්ෂණයත් සමඟ පතපොතින් ඈත්වන දරුවන් ඒ වෙත නැඹුරු කරවීම සඳහා පාසල් පුස්තකාල අංශය විසින් මෙම ව්‍යාපෘතිය දියත් කර තිබේ. විවිධ තේමාවන්ගෙන් යුක්ත මෙම කෘතිවලින් විද්‍යාලයේ දරු දැරියන්ගේ ලේඛන කුසලතාවන් මනාව කැපී පෙනෙන අතර දැයේ දූ පුතුන්ගේ කියවීමේ රුචිය වර්ධනය කරවීම මෙන්ම නව කෘති බිහිකිරීම උදෙසා අනාගත පරපුර දිරිගැන්වීමට මෙමඟින් අවස්ථාව සැලසේ.

මේ අවස්ථාවට පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ විදුහල්පති ඔෂාර පණ්ඩිතරත්න මහතා අතුළු  ගුරුභවතුන් ද එක්ව සිටියහ.

නදීෂ් දික්කුඹුර

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.