Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ජාතිවාදය සහ ජාතික ආරක්ෂාවට හානි වෙන  වෙබ් අඩවි භාවිතයෙන් ඉවත් කිරිම ඇතුලු රජය ලබාදෙන කොන්දේසි ඉටුකිරිමට ෆේස් බුක් ආයතනය කටයුතු කළහොත් ෆේස් බුක් තහනම ඉවත් කිරිමට සුදානම් බව විදුලි සංදේශන ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා ලංකාදීපයට පවසා තිබේ.
 ෆේස්බුක් ආයතනය සමග දිගින් දිගටම සාකච්ඡා සිදුකරමින් සිටන බවත් අමාත්‍යවරයා කියා ඇත.
 ‘‘අපිට මේක දේශපාලන ප‍්‍රශ්නයක්  නෙමෙයි. නමුත් ජාතික ආරක්ෂාවට හෝ  ජාතිවාදය අවුස්සන ප‍්‍රශ්න වලට   ඉඩ ලබාදිය නොහැකියි. මේ සම්බන්ධයෙන් තීරණයක් සඳහා ෆේස් බුක් ආයතනය නිර්දේශය ලබා දේවි. එතකන් අප බලන් ඉන්නවා. ජාතිවාදය  ඇතුලු කරුණු  සම්බන්ධයෙන්  වෙනස්කම්  කරන්න කියලා අපි දිගින් දිගටම ඉල්ලීම් කරලා තිබුණත්  ආයතනය ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් අරගෙන තිබුනේ නැහැ. 
ජාතිවාදය සහ ජාතික ආරක්ෂාවට හානි වෙන බවට විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව හෝ සර්ට් ආයතනය හෝ දෙන  ඕනෑම වෙබ් අඩවියක් අයින් කරනවා කියන කොන්දේසිය  ඔවුන් අපිට ලබා ලබාදිය යුතුයි.
 ඒ වගේම සිංහල කියවන්න පුලූවන් වැඩි දායකත්වයක් ගන්න අය ෆේස්බුක් එකට ඇතුළත් කරගන්නවනම්  අපි මේ තහනම ඉවත් කරගන්නවා කියන එක තමයි අපේ ස්ථාවරය’’ 
යැයිද ඔහු පැවසීය.

(ලංකාදීප ඇසුරින්)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.