අධ්‍යාපනය ප්‍රතිව්‍යුහගත වීම පෙර පාසලේ සිටම
- 2022-06-02 11:58:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අධ්‍යාපනය සම්පූර්ණයෙන් ම ප්‍රතිව්‍යුහගත විය යුතු අතර පෙරපාසලේ සිට ම එම පූර්ණ වෙනස ආරම්භ කර සිසුන්ගෙන් කොටසක් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයටත් හැකියා සහ දක්ෂතා සහිත තවත් පිරිසක් වෘත්තීය අධ්‍යාපනයටත් බෙදී යන ලෙස අධ්‍යාපන පද්ධතිය ම වෙනස් විය යුතු බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
සිසුන් මෙම අංශ දෙකට යොමු කිරීමේ දී වෘත්තීය දක්ෂතා පෙන්වන සිසුන් 09 ශ්‍රේණියේ සිට ම තෝරා වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයට ප්‍රවේශ කිරීමෙන් වඩාත් සාධනීය ප්‍රතිඵල අත් කරගත හැකි බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.
පසුගිය මැයි 31 වන දින අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ දී පැවති රැස්වීමක් අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතා සහ නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු එම අමාත්‍යාංශය යටතේ ඇති වෘත්තිය පුහුණු ආයතන රැසක ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් එම අමාත්‍යාංශ පරිශ්‍රයේ දී මෙම රැස්වීම පැවැත්විණ.
Reply To:
Name - Reply Comment
0 Comments