Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අධ්‍යාපන පද්ධතියට නිලධාරීන් හා ගුරුවරුන් ලෙස   හෙට (3)සිට අලුතින්   1875 ක් එක්වෙයි.අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ලිඛිත විභාග  හා සම්මුඛ පරීක්ෂණ පවත්වා බඳවා ගත්  මොවුන් සඳහා  පත්වීම් ලිපි ප්‍රදානෝත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට  (03) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වේ.

මෙහිදී ශ්‍රී ලංකා අධ්‍යාපන  පරිපාලන සේවයේ තුන්වන ශ්‍රේණියට  සේවා පළපුරුද්ද හා කුසලතා පදනම මත බඳවා ගත් නිලධාරීන් 60 දෙනෙකුට පත්වීම් ලබා දීමට නියමිතය.
  
ඊට අමතරව   ජාතික පාසල්වල පවතින ඉංග්‍රීසි ගුරු පුරප්පාඩු සඳහා ගුරු සේවයට  බඳවාගත් ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරීන් 109 කටද ජාතික පාසල්වල උසස් පෙළ ගණිතය,විද්‍යාව,තාක්ෂණවේදය,විදේශ භාෂා ,ඉංග්‍රීසි සහ 13 වසරක අඛණ්ඩ  අධ්‍යාපනය සඳහාවූ විෂයන් ඉගැන්වීමට බඳවාගත් උපාධිධාරීන් 1706 කට ද මෙහිදී  පත්වීම් ප්‍රදානය කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.