අනුයුක්ත කළ ගුරුවරුන්ට අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්
- 2022-12-28 16:27:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2022 වර්ෂය තුළ දී විවිධ හේතු මත තමාගේ නිත්‍ය සේවා ස්ථාන වන පාසල්වලින් බැහැර ව 2022/ 12/ 31 දින දක්වා වෙනත් පාසල්වලට අනුයුක්ත කර ඇති ගුරු භවතුන්ට, ඉදිරියේ දී මාරු මණ්ඩල මගින් ස්ථාන මාරුවීම් ලබා දෙන තෙක් 2022 පාසල් අධ්‍යයන වර්ෂය අවසන් වන 2023/ 03/ 24 දක්වා එම ගුරු භවතුන්ගේ අනුයුක්තය දීර්ඝ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටියි.
2022/ 12/ 31 දක්වා අනුයුක්ත ව සිටි එම ගුරු භවතුන් වෙත මේ සම්බන්ධයෙන් නැවත ලිපියක් නිකුත් නොකරන බවත් මීට ඉහත ඊට අදාළ ව නිකුත් කර ඇති ලිපිය ම 2023/ 03/ 24 දින දක්වා බලාත්මක වන බව වැඩිදුරටත් දැනුම් දෙන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Reply To:
Name - Reply Comment
0 Comments