Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අනුරාධපුර ශික්ෂණ රෝහලෙ අධ්‍යක්ෂ දුලාන් සමරවීර මහතා විසින් එඬරු ඇට යොදා ගනිමින් ජෛව ඩීසල් නිෂ්පාදන කිරීමට සමත්ව තිබේ.

ඔහු සඳහන් කරනුයේ තමන් වසර 15ක් පුරාවට පරීක්ෂන කරමින් ජෛව ඉන්ධන සම්බන්ධයෙන් සිදුකල පරීක්ෂණ වල සොයා ගැනීම් අනුව දැනට තිබෙන ඩීසල් හිඟතාවය ඇතුළු ගැටළු නිසා ජෛන කාබනික ඩීසල් නිෂ්පාදනය ආරම්භ කල බවත් මේ සඳහා ලංකාවේ වැවෙන එඬරු ශාක වර්ග දෙකක තෙල් මනුශ්‍ය පරිභෝජනය සඳහා භාවිතා නොකරන බැවින් මෙහි විශාල වශයෙන් ඵල හට ගන්නා බවත් එම ඇට වලින් වසරකට සියයට 60ක ආසන්න ප්‍රමාණයකින් තමන් තෙල් නිෂ්පාදනය කල බවයි.

වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනුයේ පෙට්‍රෝලියම් ඉන්ධන අවසන් වී යාම හේතුවෙන් මේ වනවිටත් ලෝකයම ජෛව ඉන්ධන භාවිතයට නැඹුරු වී ඇති බවත් මේ වන විටත් ඇමරිකාව, බ්‍රසීලය, ඉන්දියාව, සහ අප්‍රිකාව වැනි රටවල වසර ගණනාවක් සිය ජෛව ඩීසල් භාවිතා කර ඇති බවයි.

වෛද්‍යවරයා සඳහන් කරනුයේ තමන් කෘෂිකර්මාන්තයට යොදා ගන්නා ටැක්ටර් රථය මෙන්ම තම කැබ් රථයද තමන් විසින් නිෂ්පාදනය කරන ලද ජෛව ඩීසල් වලින් ධාවන කරනු ලබන බවත් මෙ දැනට පවතින ඩීසල් වාහන සදහාද කිසිදු වෙනස් කමක් නොකරම භාවිතා කිරීමට හැකියාව ඇති බවයි.

අනුරාධපුර  - බී.ජී.චතුරංග  

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.