Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

වර්තමානයේ පවතින ආර්ථික හා ගෝලීය අර්බුද හමුවේ ශ්‍රී ලාංකාවට ඉතිහාසයේ එල්ල වූ විශාලතම අභියෝගයට මුහුණදීමට සිදු වී ඇති බවත් එය ජයගත යුත්තේ එකමුතුකමින් සහ නිවැරදි අවබෝධයෙන් යුතුව බවත් ජනපති ගෝඨාභ්‍ය රාජපක්ෂ මහතා කියයි. අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩය යොමුකරමින් ඔහු මේ බව සඳහන් කරයි.

 

අලුත් අවුරුදු පණිවුඩය

වර්තමානයේ පවතින ආර්ථික හා ගෝලීය අර්බුද හමුවේ ශ්‍රී ලාංකේය අපට ඉතිහාසයේ එල්ල වූ විශාලතම අභියෝගයට මුහුණදීමට සිදු වී තිබේ. අප එය ජයගත යුත්තේ එකමුතුකමින් සහ නිවැරදි අවබෝධයෙන් යුතුවය. එල්ල වූ අභියෝග හමුවේ ඔබ අත්විඳි අපහසුතා බොහෝය. අපගේ රජය විසින්, පවතින ව්‍යාකූල තත්ත්වයෙන් ජන ජීවිත සුරක්ෂිත කිරීමට පියවර ගනිමින් සිටිමු.

කෙසේ වෙතත් සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාව නැවුම් අපේක්ෂාවන් සමඟ පිළිගැනීම පුරාතනයේ සිට පැවත එන අපගේ පිළිවෙත වේ. මෙවර අලුත් අවුරුදු උදාව ද අප සමරන්නේ එකී අපේක්ෂාවන් සහ නැවුම් බලාපොරොත්තු සමඟය.

අලුත් අවුරුද්දේ සැබෑ අයිතිය අපගේ දූ දරුවන් සතු වේ. දරුවන්හට ඒ අවුරුදු අසිරිය රැක දීම ගැන ඔබ වඩාත් සංවේදී වන බව මම දනිමි.

එසේම, අවුරුදු අසිරිය අත්විඳීමට දූ දරුවන් සමග එක්වීමට අවස්ථාව අහිමි විශේෂ රාජකාරිවල නිරත සැම මෙන්ම විදෙස්ගත සියලු දෙනාගේ කැපවීම සිහිපත් කරමි.

 ලැබූවා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද පවතින අභියෝග ජය ගන්නා  සෞභාග්‍යවත් වසරක් වේවා යි  ප්‍රාර්ථනා කරමි.

ගෝඨාභය රාජපක්‍ෂ

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.