අවුරුදු උත්සව පැවැත්වීමට අවස්ථාව
- 2021-04-01 15:56:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සීමිත පිරිසකගේ සහභාගීත්වය ඇතිව අලුත් අවුරුදු උත්සව පැවැත්වීමට අවස්ථාව ලබාදෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය පැවැසුවාය.
ඒ සඳහා වන මාර්ගෝපදේශ අද පස්වරුවේ පැවැත්වීමට නියමිත කෝවිඩ් කාර්ය සාධක බළකා රැස්වීමෙන් අනතුරුව නිකුත් කරනු ඇති බවත් ඇය පැවැසුවාය.
අවුරුදු උත්සව පැවැත්වීමේදී තරග කිහිපයක් පැවැත්වීමට අවස්ථාව නැති බවත් ඇය සඳහන් කළාය.
කොට්ටාපොර, කඹ ඇඳීම මෙන්ම එකම රෙදි කඩකින් මුහුණ ආවරණය කරන අලියට ඇස තැබීම වැනි තරග පැවැත්වීමට අවස්ථාව නැති බවත් ඇය පැවැසුවාය.
අවුරුදු උත්සව පැවැත්වීම සඳහා ප්‍ර දේශයේ පොලීස් ස්ථානයෙන් හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් අවසර ගත යුතු බවත් ඒවා අධීක්ෂණය කරන බවත් ඇය වැඩිදුරටත් පැවැසුවාය.
Reply To:
Name - Reply Comment
0 Comments