Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් පාහියන් ලෙනට සමාන ඓතිහාසික පසුබිමක් ඇති තවත් සුවිශේෂී ගල්ලෙනක් කළුතර වළල්ලාවිට, ගුලවිට ප්‍රදේශයේ කඳු මුදුනකින් හමුවී තිබේ.

මෙය නූතන මානවයා මීට අවුරුදු 48,000කට පෙර ජීවත්වූ බවට සාක්ෂි හමුවී ඇති පාහියන් ලෙන තරම්ම පැරණි එකක් බවත්, එහිදී සිදුකළ මූලික පරීක්ෂණයේදී ප්‍රාග් ඓතිහාසික යුගයේදී මානවයන් පදිංචිවී සිටි බවට තොරතුරු සහ සාක්ෂි හමුවූ බවත්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් (කැනීම්), මධ්‍යම සංස්කෘතික අරමුදලේ දකුණු පළාත් භාර ව්‍යාපෘති අධ්‍යක්‍ෂ සහ ඕට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ ප්‍රාග් ඉතිහාසය පිළිබඳ ආචාර්ය නිමල් පෙරේරා මහතා පැවසීය.

එහි මතුපිට පරීක්ෂාකිරීමේදී ශිලා මෙවලම්, ප්‍රාග් ඓතිහාසික මානවයන්ගේ ආහාර කොටස්වල අවශේෂ, ගල් ආයුධ පාශාණභූතවූ ද්‍රව්‍ය ආදී සාධක හමුවූ බවද ඔහු සඳහන් කළේය.

වලල්ලාවිට, ගුලවිට ප්‍රදේශයේ කළු ගල් කොරියක් සඳහා බලපත්‍ර  ලබාදීම පිළිබඳව කරුණු සොයාබැලීමට ගිය පුරාවිද්‍යා නිලධාරීන් දෙදෙනකු එම ගල් කොරිය ආසන්නයේ පිහිටි මෙම ගල් පර්වතය දෙසට ගොස්  නිරීක්ෂණයකදී මෙම ගල්ලෙන සම්බන්ධයෙන් වාර්තා කර තිබේ.

ඔවුන් තමන්ට ලැබුණු තොරතුරු බස්නාහිර පළාත් පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ එම්.පී.එන්. ද සිල්වා මහත්මිය වෙත යොමුකිරීමෙන් අනතුරුව අධ්‍යක්‍ෂවරිය හා පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයා ස්ථානයට ගොස් මූලික පරීක්ෂණයක් කරන ලෙස කළ ආචාර්ය නිමල් පෙරේරා මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

ඒ අනුව ආචාර්ය නිමල් පෙරේරා මහතා එහි ගොස් මූලික පරීක්‍ෂාවක් සිදුකර මෙම තොරතුරු අනාවරණය කළේය.

එම ස්ථානයේ ඉතා වැදගත් ගල් ආවරණයක්, ගල් ඇන්දක් ඇති බව ද නිමල් පෙරේරා මහතා කීවේය.

එම ගල් ඇන්දෙහි පස් තට්ටුවල ප්‍රාග් ඓතිහාසික සාධක පවතින බැවින් එය ද වසර 48000 ක කාලසීමාවකට පෙර ප්‍රාග් ඓතිහාසික මානවයන් ජීවත්වූ නවාතැනක් බවට පෙනී යන බව ආචාර්ය නිමල් පෙරේරා සඳහන් කළේය.

දේශපාලන විප්ලවවලට සම්බන්ධවූවන් එම ගල්ලෙනෙහි සැඟවී සිටි බව ප්‍රදේශවාසීන් පවසන්නේ යැයි කී නිමල් පෙරේරා මහතා එසේම ප්‍රාග් ඉතිහාසයේද මෙහි මානවයන් පදිංචිවී සිටි බවට එම ස්ථානයෙන් තොරතුරු සහ සාක්ෂි ලැබෙන්නේ යැයි බව පැවසීය.

විශේෂයෙන්ම මෙහි මතුපිට පරීක්ෂා කිරීමේදී ගල් ආයුධ, ප්‍රාග් ඓතිහාසික මානවයන්ගේ ආහාර කොටස්වල අවශේෂ ලෙස කැකුණ ආදීය හමුවූ බව ද ඔහු පෙන්වා දුන්නේය.

මෙම ස්ථානය අවට ගල් කැඩීමෙන් රටට තිබෙන ප්‍රාග් ඓතිහාසික උරුමය අහිමිවිය හැකි බවත්, ගල් කැඩීමට සිදුකරන පිපිරීම්වලින් මෙහි පාෂාණ තට්ටුවලට හානි සිදුවිය හැකි බවත් ඔහු කීවේය.

ගල් පිපිරීම නිසා කිසියම් කම්පනයක් ඇතිවුවහොත් එම පස් තට්ටුවලින් ප්‍රයෝජනයක් නොමැති බවත්, නියම තොරතුරු ලබාගත හැක්කේ නිරවුල් පස් තට්ටු අතරින් පොළොව දක්වා කැනීම් සිදුකිරීමෙන් බවත් ආචාර්යවරයා ප්‍රකාශ කළේය.

රටේ ඉදිරි පරපුර වෙනුවෙන් මෙවැනි ගල්ලෙන් ආරක්ෂා කළ යුතු බව කී ආචාර්යවරයා මෙම ස්ථානය අවට ගල්කැඩීම වහාම නැවැත්වීමට බලධාරීන් පියවර ගතයුතු බවද කීවේය.

පහත රට තෙත් කලාපයේ කෑගල්ල, රත්නපුර, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල ගල් ලෙන් ගණනාවක් පිහිටා ඇති බවත්, ඒ අතරින් කළුතර දිස්ත්‍රික්යේ ගල් ලෙන් විශාල සංඛ්‍යාවක් තිබෙන බවද ඔහු කීවේය.

දැනට හඳුනාගත් ප්‍රධාන ගල්ලෙනක් වන පාහියන් ලෙන දකුණු ආසියාවේ පැරණිම ජනාවාසය ලෙස හඳුනාගෙන තිබෙන බවද ආචාර්ය නිමල් පෙරේරා මහතා සඳහන් කළේය.

එහි වසර 48000 කට පෙර පැරණිම ජනාවාස තිබූ බවටත්, එහි ජීවත්වී ඇත්තේ හෝමෝ සේපියන් නම් නූතන මානවයා බවටත් හඳුනාගත් පාහියන් ලෙනේ ද සාධක බොහොමයක් හමුවූයේ එම ලෙනට යාබදව පිහිටි ගල් ඇන්දක් අසලින් බව හෙතෙම කියාසිටියේය.

වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් රන්ජන් පී. පෙරේරා මහතා පැවසුවේ, මෙම ගල්ලෙන පිළිබඳව ආචාර්ය නිමල් පෙරේරා මහතා දැනුම් දුන් අවස්ථාවේදීම එම ස්ථානය අසල පවත්වාගෙන ගිය ගල් කොරියේ කටයුතු තාවකාලිකව අත්හිටවූ බවයි.

පසුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිලධාරී ඒ.ඩී.සී.මාලනී මහත්මිය සහ සංවර්ධන සම්බන්ධීකාරක එම්.ඒ.බී. ප්‍රසන්න මහතා සමග එම ගල් ලෙන පරීක්ෂා කිරීමට එම ස්ථානයට ගිය බවත්, එම ස්ථානය පැරණි මානවයා භාවිතා කළ ගල්ලෙනක් බවට සාක්ෂි‍ තිබෙන බවත් හෙතෙම කීවේය.

පුරාවිද්‍යා නිලධාරීන් සහ ඒ පිළිබඳ විශේෂඥයින් කරන පරීක්ෂණවලට අවශ්‍ය සහයෝගය ලබාදෙන බව කී ප්‍රාදේශීය ලේකම්වරයා මේ පිළිබඳව බස්නාහිර පළාත් පුරාවිද්‍යා අධ්‍යක්‍ෂවරියගෙන් වාර්තාවක් ඉල්ලා තිබෙන බවත්, ඉදිරියේදී එම වාර්තාව අනුව ගතයුතු පියවරගන්නා බවත් සඳහන් කළේය.

(මතුගම බන්දු තඹවිට- ලංකාදීප ඇසුරිනි)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.