අවු 2 මාස 11ක දරුවෙක් තත්ත්පර 30 කින් මිටර් 100 ක් දිවගොස් චෝලන් වාර්තාවක් තබයි
- 2023-11-09 10:26:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අවු 2 මාස 11 වයසැති දරුවෙකු තත්ත්පර 30 ක් තුල මිටර් 100 ක් දුර දිවගොස් චෝලන් වාර්තාවකට හිමිකම් කියයි.
බලංගොඩ ප්‍රදේශයේ පදිංචි රජිව් ගාන්ධි සහ රොෂානි යන අය පුතණුවන් වන ආරොන් සත්වික් විසින් මෙම චෝලන් වාර්තාව (05) දින බලංගොඩ නගර සභා ක්‍රිඩාංගණයේදි පිහිටවනු ලැබුහ.
ඉන්දියාවේ සිට ක්‍රියාත්මක කරන චෝලන් වාර්තා පොතට දරුවන්ගේ දක්ෂතා හදුනාගෙන ඒ පිලිබදව අධික්ෂණය කර වාර්තා පොතට ඇතුලත් කිරිම චෝලන් වාර්තා අධික්ෂණ කමිටුව විසින් සිදු කරනු ලබයි.
චෝලන් ලෝක වාර්තා පොත් සමාගමේ ශ්‍රී ලංකා ශාඛාවේ උප සභාපති ශ්‍රී නාගවානි රාජා,රත්නපුර දිස්ත්‍රික් සභාපති ප්‍රවීනා භාරතී, නුවරඑළිය දිස්ත්‍රික් සභාපති සම්බසිවම් සතිෂ්කුමාර් යන මහත්ම මහත්මයින් වාර්තාව පිහිටුවිම අධික්ෂණය සදහා පැමිණ සිටිහ.
අවු 2 මාස 11 වයසැති එම දරුවා තත්ත්පය 30 ක් තුල මිටර් 100 ක් දුර දිවගොස් චෝලන් වාර්තාවට ඇතුලත් විමේ අවස්තාව දැක බලා ගැනිමට එම දරුවාගේ දෙමව්පියන් ඇතුළු ප්‍රදේශවාසින් විශාල පිරිසක් පැමිණ සිටිහ.
මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් චෝලන් වාර්තා පිහිටුවිමට ළමුන් 14 දෙනෙකු සමත් වි ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments