Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ ඉංජිනේරුවන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මාණය කරන ලද  දෙවන නැනෝ චන්ද්‍රිකාව ඊයේ (24දා) ප.ව. 5.20ට කක්ෂ ගත කෙරිණි.

නැනෝ චන්ද්‍රිකා ව්‍යාපෘතියේ තවත් පියවරක් ඉදිරියට තබමින් ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානය ජාත්‍යන්තර ආයතන 5ක් ඒ්කාබද්ධව චන්ද්‍රිකාව නිර්මාණය කර ඇත. 

කිට්සුනේ (Kitsune) ලෙස නම් කළ එය 2022 පෙබරවාරි 18 දින සිග්නස් - 17 රොකට්ටුව මගින් ජාත්‍යන්තර අභ්‍යවකාශය වෙත යවනු ලැබීය. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට කිලෝමීටර් 400 දුරින් පිහිටි කක්ෂය වෙත මුදා හැරීම ඊයේ (24දා)  සිදු විය. මෙම ‌‌‌ඓතිහාසික අවස්ථාවෙහි නැරඹුම් සැසියක් නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආතර් සී. ක්ලාස් මධ්‍යස්ථානයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.   

ආතර් සී. ක්ලාක් ආයතනය පළමු වරට නිර්මාණය කළ නැනෝ චන්ද්‍රිකාව වූයේ රාවණ 01 ය. එය 2019 ජුනි 17 දින ජත්‍යන්තර අභ්‍යවකාශයේ සිට කක්ෂ ගත කෙරිණි.  රාවණ 01 චන්ද්‍රිකාව මෙන් 6 ගුණයකින් විශාල කිට්සුනේ, උසින් සෙන්ටිමීර් 30 ක්ද , පළලින් සෙන්ටිමීර් 20ක්ද , ඝනකමින් සෙන්ටිමීටර් 10ක් ද වේ. මෙම චන්ද්‍රිකාවේ විශේෂත්වය ජාත්‍යන්තර ආයතන  5ක් ඒකාබද්ධව  නිර්මාණය වුවද ඉංජිනේරුමය තාක්ෂණික දායකත්වය දීම ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානයේ ඉංජිනේරුවන් විසින් සිදු කිරීමයි. 

ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු සනත් පනාවැන්නගේ මහතා සඳහන් කරන්නේ කිට්සුනේ නැනෝ චන්ද්‍රිකාව තාක්ෂණය අතින් උසස්, සංවේදී කැමරා පද්ධතියකින් සමන්විත වූවක් බවයි. පෘථිවියේ සෙන්ටිමීටර් 5ක පමණ වපසරියක් තියුණු ලෙස නිරීක්ෂණය කිරීම, පෘථිවිය වටා ඇති අයන ගෝලයෙහි ඉලෙක්ට්‍රොනික ඝනත්වය නිරීක්ෂණය ඇතුළු විද්‍යාත්මක පර්යේෂණ රැසකට එය දායක කර ගැනීමට පිළිවන. එමගින් ලබා ගන්නා දත්ත ඉදිරි චන්ද්‍රිකා නිර්මාණයට මෙන්ම ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටවල විද්‍යාව හා තාක්ෂණයේ දියුණුව කඩිනම් කිරීමට හේතු වන බව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු සනත් පනාවැන්නගේ මහතා පෙන්වා දෙයි.   

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.