ආර්ථික අභියෝගයට අධ්‍යාපනය ඔස්සේ විසඳුම් සොයනවා මිස ජනප්‍රිය දේශපාලන තීන්දු ගන්නේ නෑ
- 2023-02-20 13:54:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පසුගිය කාල පරිච්ඡේදය පුරා ම පුළුල් අයවැය පරතරයක් පවත්වාගෙන යමින් එය පියවීමට අඛණ්ඩ ව ම ණය ගැනීම නිසා එය නිෂ්පාදන ආර්ථිකයට එකතු නොවීම හේතුවෙන් වත්මන් ආර්ථික අර්බුදය හටගත් බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවැසීය.
නිෂ්පාදන ආර්ථිකය යනු උදලු දෑකැති අරන් කුඹුරට බැසීම ය, වැනි ලඝු අර්ථකථනයකට සීමා නොවී තාක්ෂණයත් සමග ගළපා ගත් නිෂ්පාදන ක්‍රියාවලියක් ලෙසින් එය භාවිතයට ගෙන විසඳුම් සෙවිය යුතු බවද අමාත්‍යවරයා පැවැසීය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා කොරියා ජාතික වෘත්තීය පුහුණු ආයතනයේ භාෂා විද්‍යාගාරය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.
මීට සමගාමී ව ජපන් භාෂාව ඉගෙනීම සඳහා ආධුනික සිසුන් ලියාපදිංචි කෙරුණු අතර ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ විදේශ රැකියා ප්‍රවර්ධන හා සම්පත් මධ්‍යස්ථානය විවෘත කිරීම ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. විදේශ රැකියා අපේක්ෂිත පිරිස් සඳහා නිපුණතාව ලබා දීම ඉලක්ක කරගත් වැඩිහිටි සත්කාර පාඨමාලාව ද මෙහි දී ආරම්භ විය.
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සමස්ත අධ්‍යාපන ක්‍රමය ම වෙනස් විය යුතු බවත් සාමාන්‍ය අධ්‍යාපනය, වෘත්තීය අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය යන අංශ තුන ම ඒකාබද්ධ වූ නව අධ්‍යාපන පරිවර්තන ක්‍රියාදාමයක් හරහා වෘත්තීය පුහුණු අධිකාරිය වැනි ආයතන සමග එක් ව එම අභියෝගයන්ට තාක්ෂණික විසඳුම් සොයනු මිස ජනප්‍රිය දේශපාලන තීන්දු ගැනීම උචිත නොවන බවත් පැවසී ය.
ශ්‍රම සම්පත තිබූ පමණින් සෑහීමකට පත් ව නව තාක්ෂණය පිටු දැකිය යුතු නැති බවත් තාක්ෂණය සුහුරු ලෙස භාවිත කර 2030 තිරසර ගෝලීය සංවර්ධන ඉලක්ක අප සපුරා ගත යුතු බවත් අමාත්‍යවරයා පවසයි. එහි දී වේගයෙන් දැනුම දෙගුණ වන මෙවන් සන්නිවේදන යුගයක තොරතුරු තාක්ෂණ හා කෘත්‍රීම බුද්ධි විෂය මුසු කර රටේ කෘෂිකර්මය නගා සිටුවා දශකයක් තුළ සමස්ත ජපානය ම ඉදිරියට ගෙනයෑමේ ඉලක්කය ජයගත් ජපානය අපට ආදර්ශයට ගත හැකි බව ද ඔහු පැවසී ය.
Reply To:
Name - Reply Comment
0 Comments