ඇදිරි නීතිය ඇති ප්‍ර දේශවල ළමුන්ට පොෂණ මල්ලක්
- 2020-10-21 22:26:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොවිඩ් 19 වසංගතයෙන් පීඩාවට පත්වන දරුවන් වෙනුවෙන් රජය විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ දැනටමත් ඒ සදහා අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.
ඇදිරි නීතිය පනවා ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් 245ක ළමුන් 44,496 දෙනෙකු සදහා පෝෂණ මල්ලක් ලබා දීමේ වැඩ සටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය.
විදියවත්ත ගොවිගම ශ්‍රී නාගවානාරම ප්‍රාථමික විද්‍යාලයේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මෙම වැඩසටහන පැවැත්වුණි.
සංඛේතාත්මකව දරුවෝ 15 දෙනෙකුට එම පෝෂණ මල්ල ලබා දීම ඇමතිවරයා අතින් සිදුවිය.
අධ්‍යාපන අමාත්‍යංශය ලබා දෙන මෙම පෝෂණ මල්ලේ වටිනාකම රු. 965කි.
ගම්පහ දිස්ත්‍රික්කයේ මේ වැඩසටහන සදහා වැය කෙරෙන මුදල රුපියල් 42,938,640කි . මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාසල් 89ක, මීගමුව පාසල් 45ක, ගම්පහ පාසල් 67ක, කැළණිය 44ක, දරුවන්ට මෙම පෝෂණමල්ල හිමිවේ.
බිත්තර 10 සහල් පිටි නූඩ්ලස් පැකට් 01, ධාන්‍යමය ආහාර පැකට් 06ක් කඩල හා බිස්කට් පැකට් 03 ඊට ඇතුලත්ය.
රාජ්‍ය ඇමති පියල් නිශාන්ත මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ
ශක්තිමත් දරු පරපුක් බිහිකිරීම රජයේ අපේක්ෂාව බවයි. දැනුමෙන්, කුසලතාවයෙන්, ආකල්ප වලින් මෙන්ම පෝෂණයෙන් යුතු දරු පරපුරක් රටට දායද කිරීම සදහා රජය කටයුතු කරමින් සිටින බවද ඔහු කීවේය.
කෝවිඩ් 19 වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව සිටින දරුවන්ගේ පෝෂණ තත්ත්වය ආරක්ෂා කර ගැනීම සදහා මෙම පෝෂණ මල්ල ලබා දීම සිදුකරන බව පැවසූ ඇමතිවරයා දැනට වසාදමා ඇති වෙනත් ප්‍රදේශවල දරුවන්ටද මෙම පෝෂණ මල්ල ලබා දීමට සැලසුම් කර ඇතැයි කීවේය.
ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති සහන් ප්‍රදීප්, පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක, උපුල්මහේන්ද්‍ර යන මන්ත්‍රීවරුන්ද මෙම අවස්ථාවට එක් වූහ.
Reply To:
Name - Reply Comment
0 Comments