Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857


තිලක් ඉන්දික සෙනෙවිරත්න


සිංහලයේ අවසන් රාජධානිය හා බැඳුණු ප්‍රතාපවත් චරිත 36ක ගේ ජීවමාන ප්‍රමාණයේ අනුරූ ප්‍රතිනිර්මා-ණය කරමින්, සෙංකඩගල ඇහැලේපොළ වලව්ව පරිශ්‍රයේ ස්ථාපිත කෙරුණු මෙරට ප්‍රථම ඓතිහාසික ඉටි රූ කෞතුකාගාරය අද (17) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් විවෘත කෙරිණි. ඇහැලේපොළ වලව්ව ශ්‍රී දළදා මාළිගාවට පවරා දීමෙන් පසු, එහි පුරා විද්‍යාත්මක හා සංස්කෘතික වටිනාකම් සුරක්ෂිත කර ගනිමින් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ සංකල්පයක් මල්ඵල ගන්වමින් ඉදි වූ මේ කෞතුතාගාරය, මහනුවරට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් අලුත් අත්දැකීමක් ලබාදීම අරමුණුයි.

පොතපතට, ඉතිහාස කතාන්දරවලට සීමා වූ කන්ද උඩරට රාජධානියේ සුවිශේෂී තතු විත්ති, ඇහැලේපොල ඉටි රූ කෞතුකාගාරය තුළ ද ජීවමාන  ලෙස නිර්මාණය කර තිබේ.

ඇහැලේපොළ වලව්ව අයත් කන්ද උඩරට රාජධානියේ ගෘහ නිර්මාණ ශිල්පය, චාරිත්‍ර වාරිත්‍ර සහ කලා ශිල්ප ආදිය ඉටි ආශ්‍ර යෙන් මෙහි ප්‍රතිනිර් මාණය කර තිබෙන අතර, පාරම්පරික කර්මාන්ත පිළිබඳ  ප්‍රදර්ශන කුටි මෙන්ම ඉපැරණි භෝජනාගාරයක්ද ස්ථාපිත කර තිබේ.

 වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමි, වාරියපොල ශ්‍රී සුමංගල හිමි,  පළමු වන විමලධර්මසූරිය රජු, කුසුමාසන දේවිය, මොණරවිල කැප්පෙටිපොළ දිසාව, දේවේන්ද්‍ර මුලාචාරිතුමා, රොබට් බ්‍රවුන්රික් ආණ්ඩුකාරවරයා,  ඇහැලේපොළ මහාදිකාරම්, කුමාරිහාමි, දරු දෙදෙනා ඇතුළු  ඉතිහාසයේ සුවිශේෂි චරිත 35කට අදාළ ජීවමාන ඉටි රූප මෙහි ප්‍රතිනිර්මාණය කර ඇත.

ගම්පොළ පදිංචි අතුල හේරත් මහතා මෙහි නිර්මාණ ශිල්පියා වන අතර  ශ්රීය දළදා මළිගාවේ ඇහැලේපොල වලව්ව කෞතුකාගාර විශේෂ ව්‍යාපෘතිය යටතේ නිර්මා ණය කර ඇත. 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.