Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

සීබ්‍රාවකු මෙන් වර්ණ ගන්වා, සුදු සහ කළු ඉරි යෙදීමෙන්, ගවයන් සහ එළදෙනුන් උන්ට දෂ්ට කරන විෂ මැස්සන්ගෙන් ආරක්ෂා කිරීමට හැකි බව පෙන්වා දුන් ජපන් පර්යේෂෂණ කණ්ඩායමකට මෙම 2025 වසර සඳහා පිරිනැමෙන ‘ඉග් නොබෙල් තයාගය’ හිමිවිය.
නොබෙල් ත්‍යාගය යනු ලොව පිළිගත් ගෞරවණීය සම්මානයකි. සෑම වසරකම නොබෙල් ත්‍යාග ප්‍රධානය සිදුවන්නේ භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, ආර්ථික විද්‍යාව, සාහිත්‍යය සහ සාමය වෙනුවෙනි.
ඉග් නොබෙල් ත්‍යාගය යනු නොබෙල් ත්‍යාගය සේම සම්මාන ප්‍රදානයකි. මෙහිදී විද්‍යාත්මක සොයාගැනීම් සහ නව අදහස් ඇගයීමට ලක් කෙරෙමින් සම්මාන ප්‍රදානය කෙරේ.
ඉග් නොබෙල් ත්‍යාගයේ විශේෂත්වය වන්නේ, කවුරුත් සිනහා ගැස්විය හැකි විද්‍යාත්මක සොයාගැනීම්, ඒවායේ විද්‍යාත්මක පිළිබඳ සිතීමට සලස්වා සම්මාන පිරිනැමීමය.
නොබෙල් ත්‍යාග හිමිවන්නේ කාටදැයි ප්‍රකාශ කිරීම සිදුවන්නේ සෑම වසරකම ඔක්තෝබර් පළමු සතියේය. සම්මාන ප්‍රධානය සිදුවන්නේ දෙසැම්බරයේය.
ඉග් නොබෙල් ත්‍යාගය පිරිනැමීම ඊට පෙර සිදුවෙයි. ඒ අනුව, මෙවර ඉග් නොබෙල් ත්‍යාගය හිමි වූයේ ජපානයේ අයිචි කෘෂිකාර්මික පර්යේෂණ මධ්‍යස්ථානයේ විද්‍යාඥයන් කණ්ඩායමටය. මෙම විද්‍යාඥ කන්ඩායමට නායකත්වය දෙන්නේ ටොමෝකී කොජිමාය‍. ඉග් නොබෙල් ත්‍යාග ප්‍රදානය පසුගිය සැප්තැම්බර් 18 වැනිදා බොස්ටන් විශ්ව විද්‍යාලයේ දී සිදුවිය.
කොජිමා පැහැදිලි කළේ වැඩිපුර ජලය පදනම් කරගත්, විශේෂයෙන් නිපදවූ විෂ නොමැති තීන්ත වර්ගයක් භාවිතයට ගෙන, ගවයන්ගේ සිරුරු, සීබ්‍රාවකුගේ මෙන් සුදු සහ කළු ඉරි ඇදීමෙන්, දෂ්ට කරන විෂ මැස්සන්ගෙන් එම ගවයාට සැලකිය යුතු ආරක්ෂාවක් ලැබෙන බවය.
විශේෂ තීන්ත යොදා ගනිමින්, ජපන් විද්‍යාඥයන් විවිධ වර්ණවලින් ගවයන් වර්ණ ගන්වා ගවයන් මැස්සන්ගෙන් ආරක්ෂා වේවිදැයි සොයා බැලූ නමුත්, මැස්සන්ගේ දෂ්ටනයෙන් ආරක්ෂා වූයේ සීබ්‍රාවන් ලෙස සුදු සහ කළු වර්ණ ගැන්වූ ගවයන් පමණක් යැයි පැවැසෙයි.
ඉග් නොබෙල් ත්‍යාග ප්‍රදානය ඇනැල්ස් ඔෆ් ඉන්ප්‍රොපබල් රීසර්ච් නමැති විද්‍යාත්මක හාස්‍ය සඟරාව මගින් සංවිධානය කරනු ලබයි. විද්‍යාවට වැඩිය උනන්දුවක් නොදක්වන සාමාන්‍ය වැසියන් විද්‍යාව ගැන උනන්දුව කිරීම සහ විද්‍යාත්මක පර්යේෂණවල විනෝදජනක පැත්ත පෙන්වීම මෙම ඇනැල්ස් ඔෆ් ඉන්ප්‍රොපබල් රීසර්ච් සඟරාවේ අරමුණය.

ලුසිත ජයමාන්න
එන්.එච්.කේ ඇසුරිනි

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.