ඉන්සියුලින් නිපදන කර්මාන්ත ශාලාවක ඉදිකිරීම් අරඹයි
- 2020-09-21 13:00:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙරට නව ආයෝජන සඳහා අවසර දීමේදී ඖෂධ නිෂ්පාදනයට ඉදිරිපත් වන ආයෝජකයන්ට ප්‍රමුඛතාව ලබාදෙන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ඖෂධ නිෂ්පාදනය සඳහා මෙරට සිදු කෙරෙන ආයෝජකයන්ට විශේෂ සහන ලබාදීමටද අපේක්ෂා කරන බවයි.
කොග්ගල අපනයන සැකසුම් කලාපයේදී ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇමති ප්‍රසන්න රණතුංග මහතා පසුගියදාබමේ බව සඳහන් කලේය.
දියවැඩියාව සඳහා ලබාදෙන ඉන්සියූලීන් ඖෂධය ඇතුළු තවත් ඖෂධ 33ක් නිෂ්පාදනය කිරීම සඳහා ඉදිකිරීම් ඇරඹුණු මෙම කර්මාන්ත ශාලාව රදැල්ල සමූහ ව්‍යාපාරයේ හා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සමාගමේ ඒකාබද්ධ ව්‍යාපෘතියකි. එය රුපියල් බිලියන 3.5ක ආයෝජනයකි. වසර දෙකක් තුළ මෙහි නිෂ්පාදන කටයුතු ඇරඹීමට නියමිතයි.
කර්මාන්ත ශාලාව ඉදිකර සිය නිෂ්පාදන ඇරඹීමත් සමග වෙලඳපොලේ ඇති වටිනාකමින් 1/3ක මිලකට ඖෂධ සැපයීමට හැකිවන බව නව සමාගම කියයි. ඒ අනුව ඖෂධ සඳහා වසරකට පිටරටට ඇදී යන ඩොලර් මිලියන 10ක් පමණ ඉතිරි කර ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Reply To:
Name - Reply Comment
0 Comments