Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

උසස් පෙළ සමතුන්ට රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන වෙතින් රජයේ පිළිගත් උපාධියක් මෙරට දී හැදෑරීමේ අවස්ථා සලසමින්  අධ්‍යාපන අමාත්‍යාංශය 2022.08.31 දින ඉදිරිපත් කර ඇති අමාත්‍ය මණ්ඩල සන්දේශය ප්‍රකාර ව මෙම වසරේ ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ උපාධි පාඨමාලා සඳහා තේරී පත් වූ සිසුන් 6847ක් සඳහා අධ්‍යයන කාලය හා සහන කාලය වන වසර 4 හෝ 5ක කාලයට අදාළ සම්පූර්ණ පොලී මුදල මහා භාණ්ඩාගාරය විසින් ගෙවීමට අනුමැතිය පළ වී තිබේ.

මේ කාලයට පසු ව එළඹෙන ඉදිරි වර්ෂ 7ක හෝ 8ක කාලය තුළ පාවෙන පොලී  අනුපාතයන් යටතේ සම්පූර්ණ පොලී මුදලත් ණය මුදලත් සිසුන්ට පියවීමට හැකි වන පරිදි මෙම ණය පහසුකම් සපයනු ලබයි. 

එමෙන් ම පාඨමාලා ගාස්තුව වන රුපියල් ලක්ෂ අටක මුදල තමන් විසින් ම අර්ධ වාර්ෂික පදනමින් ගෙවා මෙම ණය යෝජනා ක්‍රමයට ම ඇතුළත් ව අධ්‍යයන කටයුතු සිදු කිරීමේ කැමැත්ත පළ කර ඇති සිසුන්ට එම අවස්ථාව ලබා දීමටත් රජය තීරණය කර ඇත. 

මේ පහසුකම් සැපයෙන්නේ, උසස් පෙළ සමත් සිසුන් දෙලක්ෂයකින් පමණ සරසවි වරම් හිමි වන හතලිස් දහස හැරුණු කොට ඉතිරි වන සිසුන් කණ්ඩායමට ඔවුන් ලබා ඇති උසස් පෙළ ප්‍රතිඵල කුසලතා මත රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන වෙත මෙරට දී ම රජයේ පිළිගත් උපාධි පාඨමාලාවක් හැදෑරීමට ඉඩ ප්‍රස්ථා විවර කරමින් සහ ඒ වෙනුවෙන් දෙමාපියන්ට වැය වන අධික පිරිවැය අවම කරමින් රජය විසින් ආරම්භ කර ඇති ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ ය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.