Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ප්‍රතිඵල නිකුත් කර තිබෙන උසස් පෙළ විභාගයේ ප්‍රතිඑල නැවත සමීක්ෂණ අයදුම්පත් හෙට (28දා) සිට 30 වැනි දා දක්වා යොමු කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පසුගිය කාලයේදී නැවත සමීක්ෂණ අයදුම්පත් යොමු කිරීමට නොහැකි වූ අයදුම්කරුවන්ගේ ඉල්ලීම් සලකා බලා අදාළ කටයුතු සඳහා නැවත අවස්ථාව ලබාදුන් බවද දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අනුව  විභාග දෙපාර්තමෙන්තුවේ නිලවෙබ් අඩවිය වන www.doencts.lk වෙත පිවිස මාර්ගගත ක්‍රමයට හෝ විභාග දෙපාර්තමේන්තුවේ නිල ජංගම යෙදුම වන DOE වෙත පිවිස අයදුම්පත් යොමු කළ හැකි බවද සඳහන් කරයි.

දැනටමත් සමීක්ෂණ අයදුම්පත් යොමු කළ අයදුම්කරුවන් නැවත අයදුම්පත් යොමු කිරිමට අවශ්‍ය නොවන බවද දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.මේ පිළිබඳව වැඩි විස්තර අවශ්‍ය නම් 0113661122 හෝ 0113671568 ඔස්සේ විමසීම් සිදු කළ හැකිය.


 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.