උපෙළ සහ ශිෂ්‍යත්ව විභාග මධ්‍යස්ථාන ගැන සාකච්ඡා
- 2020-10-09 11:56:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අ.පො.ස උසස් පෙළ සහ පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාග පැවැත්වීමේ දී විභාග මධ්‍යස්ථාන යොදාගන්නා ආකාරය සහ ඒ සඳහා ශ්‍රී ලංකා පොලිසිය හා ප්‍රවාහන ක්ෂේත්‍රයේ සහයෝගය ලබාගන්නා ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ විශේෂ හමුවක් අද (09) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
අධ්‍යාපන ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා මහතා බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සහ විභාග කොමසාරිස් ජනරාල් බී සනත් පූජිත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම විශේෂ හමුවට කොළඹ, කලුතර සහ ගම්පහ දිස්ත්‍රික්වල නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පොලිස් ස්ථානාධිපතිවරුන් රැසක් සහභාගී වූහ.
ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන පොලිස් බල ප්‍රදේශවල සිට විභාග සඳහා පෙනීසිටින සිසුන් වෙත අදාළ විභාග පැවැත්වෙන මධ්‍යස්ථාන එම ප්‍රදේශ ආශ්‍රිතව ම ලබාදීමටත් ඒ සඳහා සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් දරුවන්ට කිසිදු බාධාවකින් තොරව විභාග මධ්‍යස්ථාන වෙත පිවිසීමට ඉඩප්‍රස්ථා සැලසීමටත් අවශ්‍ය විධිවිධාන යෙදීමට පියවර ගත යුතු අන්දම මෙහි දී සාකච්ඡා විය.
නිරෝධායනයෙහි යෙදෙන සිසුන් වෙනුවෙන් වෙනම විභාග මධ්‍යස්ථාන අදාළ පරිශ්‍රයන්හි ක්‍රියාවට නැංවීමටත් ඒ අනුව ශ්‍රී ලංකා පොලිසිය සහ සෞඛ්‍ය සේවා අංශවල සහාය ඇතිව කටයුතු කරන බව ද මෙහි දී සාකච්ඡා විය.
සෑම විභාග මධ්‍යස්ථානයක ම පුද්ගල දුරස්ථභාවය සහිත ව සිසුන් අසුන්ගත කිරීමටත්, විෂබීජහරණය ඇතුළු සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අකුරටම ක්‍රියාවට නැංවීමටත් සියලු විධිවිධාන මේ වනවිටත් යොදන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සහන් කළේය. අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් සහ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ විභාග කොමසාරිස්වරුන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Reply To:
Name - Reply Comment
0 Comments