Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

නකල්ස් අධි රක්ෂිත කලාපයේ හිස් භූමී ආවරණය වන පරිදි හෙක්ටයාර් 6500 ක් නැවත වන වගා සිදුකිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක එක්සත් ජාතීන්ගේ සුළු මූල්‍යාධාර වැඩසටහන යටතේ  සහාය හිමිවී තිබේ.

මේ යටතේ ව්‍යාපෘති 13 ක් නකල්ස් කලාපය තුළ ක්‍රියාත්මක වෙමින් පවතී. පාංශු සංරක්ෂණය, නැවත වන වගා ඇති කිරිම හා නකල්ස් කලාපයේ ජල මූලාශ්‍ර සංරක්ෂණය ඒ අතර ප්‍රධාන තැනක් ගනී.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සුළු මූල්‍යාධාර වැඩසටහනේ ජාතික සංවිධායිකා දිනාලි ජයසිංහ මහත්මිය පැවසුවේ නකල්ස් වන වැස්ම ආරක්ෂා කිරීම වෙනුවෙන් මෙම ව්‍යාපාතිය ක්‍රියාත්මක වන බවයි. නකල්ස් කලායේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන දැනුවත් කිරිම සඳහා මහනුවර ඕක් රේ හෝටලයේ පැවති වැඩමුළුවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.

එහිදී අදහස් දැක්වු රාජ්‍ය නොවන සංවිධාන රැසක් කියා සිටියේ වන වගා ව්‍යාපෘති රැසක් මේ වන විට ක්‍රියාත්මක බවයි. ඇතැම් ව්‍යාපෘති වසර අවසානයේ වර්ෂා සමයත් සමඟ ක්‍රියාත්මක වීමට නියමිතය.

(තිලක් ඉන්දක සෙනවිරත්න)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.