කතරගම දේවාලයේ අතු පන්දලම අලුත් කෙරේ

2025 ජුලි මස 06 ප.ව. 08:11 - {{hitsCtrl.values.hits}}  

වාර්ෂිකව පැවැත්වෙන රුහුණු කතරගම මහා දේවාලයේ ඇසල මංගල්‍යයට සමගාමීව පැවැත්වෙන දේවාලය ඉදිරිපිට අතු පන්දලම අලුත් කිරීම (01) වෙනිදා සිදුකෙරිණි.

එදින උදෑසන පැරණි සිරිත් අනුව බස්නායක නිලමේ වලව්වේ පැවති දානමය පිංකමෙන් පසු පෙරහරේ පස් වෙන දිනයෙන් පසු පෙරහැරේ අලි ඇතුන් විසින් රැගෙන ආ ප්‍රථම මාදම් කොළ අතු මිටිය වාසනා හස්ති රාජයා වෙත ලබාදීම බස්නායක නිලමේ තැන්පත් ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතා අතින් සිදුකෙරිණි.

දුටුගැමුණු මහ රජු විවිස්න් එළාර දුටුගැමුණු යුද්ධය ජයගැනීමට කතරගම දේවාලයට භාරයක් විය.

ඒ අනුව එළාර රජු පරාජය කිරීමෙන් පසු රන්උළු මාලිගාවක් සාදා පූජාකිරීම එම භාරයයි.

භාරය ඔප්පු කරන තෙක් සන්නාසි වෙසින් සිටි ස්කන්ධ කුමරුන්ට සෙබළුන් ලවා තාවකාලික කොළ අතු පන්ඳලමක් සාදාදී ඇත. එම අතුපන්දලම වාර්ෂිකව අලුත් වැඩියාකිරීම මෙම චාරිත්‍රය අනුව සිදුකෙරේ.

මොනරාගල සුමනසිරි ගුණතිලක  

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...