කතරගම පෙරහරට දින නියම වෙයි
- 2025-05-22 17:27:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යයට පෙර රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල නිලධාරී දැනුවත් කිරීමේ රැස්වීම අද (22දා) කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ දයා ගමගේ ශාලාවේදී කිරිවෙහෙර විහාරාධිපති ශාස්ත්‍රපති කොබවක ධම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි මොණරාගල දිස්ත්‍රික් ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
2025 වර්ෂය වෙනුවෙන් රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු චාරිත්‍රය මැයි මස (13) දහතුන් වන කප් සිටුවීමේන් සිදුවිය.එදින සිට දින 45කදී.එනම් ජුනි මස 26 වන දින රාත්‍රි අට පසු වී යෙදෙන සුබ මොහොතින් පළමු මංගල පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිත ය.ජූලි මස 01 වැනි දින හයවැනි පෙරහැර වීථිසංචාරය කිරීම හා ජූලි මස 07වැනි දින ගිනි පෑගීමේ චාරිත්‍රය සිදුවන බවත් ජූලි මස10 වැනි දින අවසාන රන්දෝලි මහා පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිත බවත් ජූලි මස11 වැනි දින පෙරවරු කාලයෙහි මැණික් ගඟේ ජීවමාලී තොටුපළේ දී දිය කැපීමෙන් මෙවර ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත්වන බව රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩිශාන් ගුණසේකර මහතා පැවසීය.
රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ උත්සවය සඳහා උතුරු නැගෙනහිර සිට පාද යාත්‍රාවේ කතරගම වන්දනාවේ පැමිණෙන හින්දු බැතිමතුන්ට යාල වන උද්‍යානයට ඇතුළුවීම සඳහා ඔකඳින් ගේට්ටු විවෘත කිරීම ජුනි මස 20 වැනි දින පෙරවරු කාලය තුළ ගේට්ටුව විවෘත කරන බවත් ජූලි මස හතරවන දින(04) නැවත ගේට්ටු වසා දැමීම සිදුකරන බව බස්නායක නිලමේවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
මෙවර කතරගම ඇසළ පෙරහර මංගල්‍යයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 1200ක් යොදන බවත් ආරක්ෂාව සඳහා මෙයට අමතරව ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂක බළකාය හා බුද්ධි අංශද යොදවන බවත් කතරගම පොලිස් ස්ථානාධිපති මූලස්ථාන පොලිස් පරීක්ෂක නිශාන් මහතා ප්‍රකාශ කළේය.
පෙරහැර මංගල්‍යය අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීම සඳහා සියලු පහසුකම් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන මගින් සලසා අතිඋත්කර්ෂවත් පෙරහැර මංගල්ලයක් මෙවර ජනතාවට ලබාදීමට කටයුතු සලසන වග මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂතා නි.අමාත්‍ය ජේ.එම්. ජයවර්ධන මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට කිරිවෙහෙර රාජමහා විහාරාධිපති කොබවක දම්මින්ද හිමි,කතරගම ශ්‍රී අභිනවාරාමාධිපති ශාස්ත්‍රපති කපුගම සරණ තිස්ස හිමි ඇතුළු මහා සංඝරත්නය හා මොනරාගල දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රමුඛ ආරක්ෂක අංශවල නිලධාරීහු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
කතරගම ආරියපාල රත්නායක,සෙල්ල කතරගම අසිත වීරසිංහ
Reply To:
Name - Reply Comment
0 Comments