Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

කපුටන් අගය කිරීමේ ජාත්‍යන්තර දිනය අදට (27දා) යෙදී තිබේ. සාමාන්‍යයෙන් කළු වර්ණයෙන් යුතු පක්‍ෂි විශේෂයක් ලෙස, කපුටන් කොර්විඩේ (Corvidae) කුරුලු පවුලට අයත්ය. මෙම පක්‍ෂීන් බොහෝවිට සලකනු ලබන්නේ, කෑදර සහ කැළි කසළ ආහාරයට ගන්නා කසළ ශෝධකයන් ලෙසිනි.

වර්ෂ 1963දී තිරගත වූ ජනප්‍රිය ත්‍රාසජනක චිත්‍රපටයක් වන 'ද බර්ඩ්ස්' වැනි නිර්මාණ තුළින් කපුටා මරණයේ පෙර නිමිත්තක් ලෙසද සැලකුණි. මෙවැනි කාරණා ලෝකයේ විවිධ පුරාවෘත්ත සමග බැඳී පවත්නා නිසාම, කපුටන් බොහෝවිට අලාභය සහ නරක පෙර නිමිති හා බද්ධ වූ පක්‍ෂයෙකු බවටද මතයන් පවතියි.

කෙසේ වෙතත්, නිතර කෑ කෝ ගසන කුරුල්ලෙකු වශයෙන් අනාවැකි කීමටත්, කපටි බුද්ධියක් ඇති පක්‍ෂයෙකු ලෙසත් කපුටා සැලකෙන්නේ, ඇතැම් විශ්වාසයන්ට අනුව භෞතික ලෝකය සමග ආත්මයන් සම්බන්ධ කරන්නෙකු ලෙසටද කපුටාට යම් විශේෂත්වයක් ලබාදෙමිනි.

මෙම පක්‍ෂීන් සම්බන්ධයෙන් සිදුකළ අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ, කපුටන් අනාගතය සැලසුම් කිරීම සඳහා අතීත අත්දැකීම් භාවිත කිරීමට හැකියාවක් ඇති පකෂියෙකු ලෙසිනි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.