ක්‍රීඩා උත්සව කල් දමන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය කියයි
- 2024-03-18 20:26:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පවතින අධික උෂ්ණත්වයෙන් පාසල් දරුවන් ආරක්ෂාකර ගැනීම උදෙසා පාසල්වල ක්‍රීඩා උත්සව අප්‍රේල් 24 න් පසු පැවැත්වීමට හැකිවන පරිදි කල් දමන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය මගින් අද (18) දින නිකුත් කළ ලිපියකින් විදුහල්පතිවරුන්ට උපදෙස් දී තිබේ.
ඒ අනුව ඉදිරි මැයි 31 දක්වා පාසල්වල පළමු වාරය ක්‍රියාත්මක බැවින් පළමු වාරයේ දෙවැනි හා තෙවැනි අදියරවලදී පැවැත්වීමට හැකි වන පරිදි මේ වන විට පාසල්වල සැලසුම් කර ඇති වාර්ෂික ක්‍රීඩා උත්සව හා විවිධ එළිමහන් ක්‍රියාකාරකම් අප්‍රේල් 24 දක්වා කල් තබන ලෙස විදුහල්පතිවරුන්ට මෙම ලිපිය මගින් උපදෙස් දී තිබේ.
සිසුන්ගේ සෞඛ්‍ය හා ජීවිත ආරක්ෂාව උදෙසා විශේෂ අවධානයක් යොමුකරමින් කටයුතු කරන ලෙසද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය විසින් අත්සන් කර ඇති මෙම ලිපියෙහි වැඩි දුරටත් සඳහන්වේ.
එමෙන්ම අයහපත් කාලගුණ තත්වය තව දුරටත් ඉදිරියේදීත් පවතින බවට කාලගුණ දෙපාර්තමේන්තුව මගින් පුරෝකථනය කර ඇති හෙයින් පාසල් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සෞඛ්‍ය අංශ මගින් ලබාදෙන උපදෙස් හා මාර්ගෝපදේශයන් නිරන්තරයෙන් අනුගමනය කරන ලෙස සියලු පාසල් දැනුවත් කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් එච්.එම්.යූ.හේරත් මහතා විසින්ද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වෙත ලිපියකින් දැනුම් දී තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments