කොතලාවල විශ්වවිද්‍යාල රෝහලට පිළිකා සහ අක්ෂි වාට්ටු
- 2022-02-21 13:52:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රත්මලාන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය අනුබදද්ධිත වේරහැර හමුදා රෝහලේ පිළිකා සහ අක්ෂි රෝගීන් පනස්හය දෙනකුට එකවර ප්‍රතිකාර සැපයීමට හැකි වන පරිදි පහසුකම් සහිත වාට්ටු දෙකක් විශ්ව විද්‍යාල උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මහතා විසින් විවෘත කරනු ලැබීය.
ඒ අනුව වේරහැර පිහිටි කොතලාතලාවල ආරක්ශෂක විශ්වවිද්‍යාලයිය රෝහලේ 15 බී වාට්ටු සංකීර්ණය මේ සඳහා වෙන් කොට ඇති අතර එහිදී පිළිකා රෝගීන්ට කිමෝ තෙරපි සහ ශල්‍යකර්ම මෙන්ම අක්ෂි රෝගීන්ට ශල්‍යකර්ම සඳහා අවශ්‍ය නේවාසික පහසුකම් ද සම්පාදනය කොට ඇත.
මෙම රෝහලහලේ දී විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන්ගේ අවධානය සහ ලොවේ ඉහළම තාක්ෂණික ප්‍රතිකාර මෙම රෝහල් තුළදී රෝගීන්ට හිමිවීම විශේෂත්වයකි.
එම උත්සවය ආරාධිතයන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් රෝහල් පරිශ්‍රයේදී පැවැත් විණි.
මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා
Reply To:
Name - Reply Comment
0 Comments