Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මාස ගණනකට පසු මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන ඊයේ (18) 62ක් ලෙස වාර්තා වුණි.

මෙවැනි පසුබිමක යළි කොවිඩ් ව්‍යාප්තියේ අවදානමක් ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

එමෙන්ම ගෝලීය කොවිඩ් ආසාදිතයින් ඉහළ යාම තුළ ශ්‍රී ලංකාවේ ද දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමේ වර්ධනයක් පෙන්නුම් කරන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

එම අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැවසුවේ,  ගත වූ සති දෙක තුළ එම තත්ත්වය පෙන්නුම් කරන බවය.

"ගෝලීය වශයෙන් රෝගීන් වැඩිවුණ සෑම අවස්ථාවක දීම අපේ රටෙත් රෝගීන් වැඩිවීමක් සිද්ධවෙනවා. මේ වනවිට ලංකාවේත් පසුගිය මාස දෙක තුන තුළ ඉතාමත් අවම රෝගීන් සංඛ්‍යාවක් හා අවම මරණ සංඛ්‍යාවක් වාර්තා වෙන තත්ත්වයක් තිබුණේ. දෛනිකව සාමාන්‍යයෙන් රෝගීන් 10 - 15ක් වගේ මට්ටමක අපි මාස දෙකක් පැවතුණා. නමුත් පසුගිය සති දෙක තුළ ලංකාව තුළත් සාපේක්ෂ වැඩිවීමක් නිරීක්ෂණය කරනවා. බොහෝම පැහැදිලිව දෛනිකව රෝගීන් 10ක් -15ක් වගේ සීමාවෙලා තිබුණ රෝගීන් සංඛ්‍යාව දෛනිකව 30ක් - 40ක් අතර ප්‍රමාණයකට පත්වෙලා. පවතින ගෝලීය තත්ත්වය සමග අනිවාර්යයෙන්ම වර්ධනය වීමක් ද අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙන්න පුළුවන්."

පවතින තත්ත්වය තුළ කොවිඩ් මර්දන එන්නත් ලබා නොගත් පුද්ගලයින් කඩිනමින් ඒ සඳහා යොමුවිය යුතු බව විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැවසුවේය.

"එන්නත්කරණය නැවත යථාතත්ත්වයට පත්කර ගත්තේ නැත්නම්, ඉදිරියේ දී මේ රෝගීන් සංඛ්‍යාව වැඩිවුණොත් ඉතාමත් අවධානම් තත්ත්වයකට පත්වෙන්න පුළුවන්. මේ වෙලාවේ කරන්න ඕනේ අනිවාර්යයෙන්ම 20ට වැඩි සෑම කෙනෙක්ම වර්ධක මාත්‍රාවක් ලබාගන්න කියලා නියම කරලා තියෙනවා. මෙතෙක් නොගෙන තිබෙනවා නම් හැකි ඉක්මනින් එම පළමු වර්ධක මාත්‍රාව ලබාගත යුතුයි. ලංකාවේ 20ට වැඩි ජනගහණය මිලියන 14.4ක් නමුත් තවම වර්ධක මාත්‍රාව ලබාගෙන තිබෙන්නේ මිලියන 8ක් පමණයි. තවම පළමු වර්ධක මාත්‍රාවවත් මිලියන 6ක් පමණ ලබාගෙන නෑ."

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.