කොවිඩ් රෝගයෙන් ආරක්ෂා වෙන්න
- 2021-05-13 11:44:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොවිඩ් තුන්වෙනි රැල්ලත් සමඟ දරුවන් සෑහෙන සංඛ්‍යාවක් ද එම රෝගී තත්ත්වයට මුහුණ දී ඇතැයි පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශය හා ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
වැඩිහිටියන්ට සාපේක්ෂව කෝවිඩ් වැළඳීමේ හැකියාව දරුවන්ට අඩු නමුත් ඕනෑම දරුවකුට මෙම රෝගය වැළඳිය හැකි බවද එම නිවේදනයේ දැක්වෙයි.
ඔවුන් නිකුත් කළ නිවේදනය
“බොහෝ දරුවන් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන අතර, තවත් බහුතරයක් මද රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. නමුත් දරුවන් ද උග්‍ර කෝවිඩ් රෝග තත්ත්වයකට පත්වී අසාධ්‍ය විය හැකි අතර සංකූලතා සහ මරණ පවා ඇතිවිය හැකිය. පෙනහලු රෝග, හෘද රෝග, වකුගඩු රෝග, අක්මා රෝග, පිළිකා, වෙනත් නිදන්ගත රෝග වලින් පෙළෙන සහ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ දුර්වලතා සහිත දරුවන් හට අවදානම වැඩිය.
සමහර දරුවන්ට කෝවිඩ් රෝගය හා සබැඳිව Multisystem Inflammatory Syndrome in Children (MIS-C) නම් බහු ඉන්ද්‍රීය අකර්මණ්‍යතා තත්ත්වය ද ඇති විය හැක. මෙම තත්වය ඇති වන්නේ ඇයිද කියා තාමත් නොදනී. මෙයින්ද දරුවා අසාධ්‍ය විය හැකියි. බොහෝ දෙනා සුවවේ. ඇතැම් විට මාරාන්තිකයි.
මේ නිසා දරුවන්ට කෝවිඩ් රෝගය ඇතිවීම වළක්වා ගැනීම දෙමාපියන්ගේ සහ සියලු වැඩිහිටියන්ගේ වගකීම වේ.
සෞඛ්‍ය අමාත්‍යංශයේ, පවුල් සෞඛ්‍ය කාර්යාංශය සහ ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය දෙමාපියන්ගෙන් සහ අනෙකුත් ජනතාවගෙන් පහත උපදෙස් පිළිබඳව අවධානය යොමුකොට ඒවා අනුගමනය කිරීමට මෙයින් ඉල්ලා සිටිනු ලැබේ.
දරුවාට කොවිඩ් නොවන වෙනත් රෝගී තත්ත්වයක් ඇතිවුවද වෛද්‍ය උපදෙස් නොපමාව ලබා ගන්න.”
Reply To:
Name - Reply Comment
0 Comments