Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ ෙඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් පරිදි ඉදිකෙරුණු ගාලු මුවදොර ඉදිරිපස බාලදක්ෂ මාවතේ නාගරික වන උද්‍යානය පසුගිය 30 දා ජනතා අයිතියට පැවරිණි.

“සෞභාග්‍යයේ දැක්ම” වැඩසටහන යතාර්ථයක් කරමින් පොදු මහජනතාවගේ විවේකය, විනෝදාස්වාදය උදෙසා නාගරික වන උද්‍යාන, ජල උද්‍යාන හා නාගරික හරිත අපරව්‍යුහ පහසුකම් ජාලයක් සහිත දැකුම්කළු නාගරික පරිසරයක් නිර්මාණය කිරීම අරමුණයි.

කොළඹ නගරය හරිත නගරයන් ලෙස දකුණු ආසියාවේ වේගවත්ව නැගී එන අග නගරය බවට පත්කරලීම සඳහා පරිසරය හා බද්ධ වූ භූමි අලංකරණය නාගරික ජනතාවට විඳීමට අවස්ථාව ලබා දීම හා එයට ආර්ථිකමය වටිනාකමක් එක් කිරීම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණකි.

යුධහමුදා මූලස්ථානය පැවති භූමිය ගාලුමුවදොර පිටිය හා සම්බන්ධ කරමින් අළුතින් ඉදිකළ බාලදක්ෂ මාවත ඔස්සේ හරිත අපරව්‍යුහ පහසුකම් සැලැස්ම සඳහා සැලැස්මක් නියමු ව්‍යාපෘතියක් ලෙස නිර්මාණය කරන ලදී.

අක්කර 02 ක් පුරා විහිදී පවතින නාගරික වන උද්‍යානය අදියර 03කින් යුත් ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැංවිණ. වැය කළ මුදල රුපියල් මිලියන 135 කි.

2020 ජුනි 15  දින ආරම්භ කළ ව්‍යාපෘතියේ වැඩ 2020 නොවැම්බර් මස 15 වන දින නිම කෙරිණ.

ව්‍යාපෘතිය නිර්මාණය, භූ දර්ශන උපදේශකත්වය හා ගෘහ නිර්මාණය නාගරික සංවර්ධන අධිකාරිය මඟින් සිදු කළ අතර ප්‍රධාන ව්‍යාපෘති කොන්ත්‍රාත්කරු ලෙස ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව කටයුතු කරන ලදී.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.