ගුරු සිසු පැමිණීම සතුටුදායකයි
- 2020-11-23 19:02:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
තුන්වැනි පාසල් වාරය සඳහා දිවයිනේ පාසල් 5100කට ආසන්න සංඛ්‍යාවක් 6-13 ශ්‍රේණි සිසුන් වෙනුවෙන් අද (23) සිට ආරම්භ කරන ලද අතර, එම පාසල්වල ගුරුවරුන්ගේ සහ සිසුන්ගේ පැමිණීම සතුටුදායක මට්ටමක පවතින බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේය.
එක් පළාත්වල සිසුන්ගේ පැමිණීමේ ප්‍රතිශතය සහ ගුරුවරුන්ගේ පැමිණීමේ ප්‍රතිශතය සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන බලධාරීන් වෙතින් ලබාගත් තොරතුරු අනුව, අනාවරණය වී ඇත්තේ, වයඹ පළාතේ සිසුන් 35%ක් සහ ගුරුවරුන් 85%ක් ද, දකුණු පළාතේ සිසුන් 15%ක් සහ ගුරුවරුන් 80%ක් ද, සබරගමුවේ සිසුන් 55%ක් සහ ගුරුවරුන් 86%ක්ද, උතුරුමැද පළාතේ සිසුන් 30.5%ක් සහ ගුරුවරුන් 80%ක් ද, මධ්‍යම පළාතේ සිසුන් 40%ක් සහ ගුරුවරුන් 80%ක් ද, උතුරු පළාතේ සිසුන් 47%ක් සහ ගුරුවරුන් 75%ක් ද, නැගෙනහිර පළාතේ සිසුන් 28%ක් සහ ගුරුවරුන් 80%ක් ද, ඌව පළාතේ සිසුන් 30%ක් සහ ගුරුවරුන් 80%ක් ද පැමිණ ඇති බවයි.
බස්නාහිර පළාතේ සහ හුදකලා කරන ලද පොලිස් වසම් තුළ පිහිටි පාසල් මෙන් ම, නැගෙනහිර (පාසල් 16ක්), උතුරුමැද (පාසල් 14ක්) ,වයඹ (පාසල් 48ක්) , මධ්‍යම (පාසල් 14ක්), සබරගමුව (පාසල් 12ක්) සහ දකුණු පළාතේ (පාසල් 1ක්) ඇතැම් පාසල් සෞඛ්‍ය නිර්දේශ නොලැබීම හේතුවෙන් අද සිට විවෘත නොකෙරිණි.
ලැබී ඇති තොරතුරු අනුව පෙනී යන්නේ, දුරස්ථ, මාර්ගගත, රූපවාහිනී, ගුවන්විදුලි හෝ වෙනත් ඉගෙනුම් පහසුකම් දුෂ්කර මට්ටමක පවත්නා ග්‍රාමීය ප්‍රදේශවල පිහිටි පාසල්වල දරුවන්ගේ පැමිණීම 75%ත් 80%ත් අතර පැවති බව සහ ජනතා බදුමුදලින් තමන් ලබාගන්නා වේතනයට සාධාරණය ඉටුකරමින් කැපවීම්සහගත සේවා දායකත්වය පෙන්වාදෙමින් ගුරුවරුන් තම රාජකාරිය සඳහා වාර්තාකිරීම ඉතා ඉහළ මට්ටමක පවත්නා බව යැයි අධ්‍යාපන ලේකම්වරයා පැවසීය.
රට තුළ පවත්නා කොවිඩ් වසංගත තත්වය මොහොතින් මොහොත වෙනස්වන පසුබිමක සියලු පාසල් සම්බන්ධයෙන් පොදු තීරණයක් ක්‍රියාවට නැංවීමේ ප්‍රායෝගික අපහසුව හොඳින් අවබෝධ කරගනිමින් දෙමව්පියන්, විදුහල්පතිවරුන්, පාසල් සංවර්ධන සමිති, ආදිසිසුන්, ඇතුළු සමස්ත පාසල් ප්‍රජාව විසින් වඩාත් සුදුසු පරිදි පාසල් පවත්වාගෙන යාම සම්බන්ධ තීරණ ගත යුතු බවද, අද සිට පාසල් ආරම්භ කිරීමේ ක්‍රියාවලිය තුළ ඒ වෙනුවෙන් පූර්ණ දායකත්වය සහ සහයෝගය ලබාදුන් ආරක්ෂක, සෞඛ්‍ය සහ ප්‍රවාහන අංශවල සියලු නිලධාරීන්ට ද, පළාත්, කලාප, කොට්ඨාස අධ්‍යාපන බලධාරීන්ට ද සියලු විදුහල්පතිවරුන් සහ ගුරුභවතුන්ට ද කෘතවේදී ස්තුතිය පළ කරන බව අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Reply To:
Name - Reply Comment
0 Comments