Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ගෝලීය සාගිනි දර්ශකයට අනුව රටවල් 121 ක් අතරින් ශ්‍රී ලංකාවට 64 වැනි ස්ථානයට පත්ව ඇත. ශ්‍රී ලංකාවට  ලකුණු 13.6 ක් හිමිව ඇති අතර ඒ අනුව ශ්‍රී ලංකාවේ සාගින්න මට්ටම මධ්‍යස්ථ මට්ටමක පවතින බව සැලකෙයි.

2021 දී ශ්‍රී ලංකාව රටවල් 116 කින් 65 වැනි ස්ථානයට පත් වූ අතර 2020 දී  64 වැනි ස්ථානයට පත්විය. Global Hunger Index (GHI) යනු ගෝලීය, කලාපීය සහ ජාතික මට්ටමින් සාගින්න මැන බැලීම සඳහා සලකා බලන මෙවලමකි.
 
දකුණු ආසියානු රටවල්ආ අතරින් ඉන්දියාව 107 වැනි ස්ථානයේ පසුවන අතර පාකිස්තානය (99), බංග්ලාදේශය (84), නේපාලය (81) සහ ඇෆ්ගනිස්තානය 109 වැනි ස්ථාන හිමිකරගෙන ඇත.

2022 GHI ට අනුව, මධ්‍යම අප්‍රිකානු ජනරජය, චැඩ්, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, මැඩගස්කරය සහ යේමනය යන රටවල් 5ක සාගින්න භයානක මට්ටමක පවතින අතර, අමතර රටවල් 4ක - බුරුන්ඩි, සෝමාලියාව, දකුණු සුඩානය සහ සිරියාව තාවකාලිකව භයානක තත්ත්වයට පත්ව තිබේ.

දේශගුණික අර්බුදය සහ යුක්රේනයේ යුද්ධයෙන් සංකලිත වූ COVID-19 වසංගතයේ ආර්ථික ප්‍රතිවිපාක සමඟ කුසගින්න නිමා කිරීමේ ප්‍රයත්නයන්හිදී ලෝකය බරපතල පසුබෑමකට මුහුණ දී සිටින බව GHI පවසයි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.